තමිල්නාඩු ධීවරයන් 25ක් අපේ මුහුදෙන් අල්ලයි

1

විරෝධය පළ කරමින් ඥාතීහු ඉන්දියාවේ උද්ඝෝෂණයේ

ඉන්දීය ධීවරයන් 25 දෙනකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නන්ඩතීව් දූපත අසලදී තමිල්නාඩුවේ රාමනාතශ්පුරම් ධීවරයන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ පෙරවරුවේය.

මේ පිරිස ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඉරිදා දිනයේ ය.

මෙලෙස ලංකා නාවික හමුදාව, තම ඥාතීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම ධීවරයන්ගේ පවුල්වල පිරිස් ඊයේ තමිල්නාඩුවේ පම්බන් ප්‍රදේශයේ මහමාර්ගයේ වාඩිවී උද්ඝෝෂණය කරන අයුරු හින්දු වෙබ් අඩවියේ පළකර තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment