තමිල් අරසු කච්චි නව නායකයා යුද්ධයෙන් මියගිය අය සමරමින් වැඩ අරඹයි

252

ශ්‍රී ලංකන් තමිල් අරසු කච්චි පක්‍ෂයේ නව නායකයා ලෙස තේරීපත් වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා විසින් කිලිනොච්චියේදී යුද්ධයෙන් මියගිය පිරිස් සමරා පහන් දල්වා සිය වැඩකටයුතු ආරම්භ කරන ලදි.

මෙහිදී කොටි සංවිධානය සිය නිල පුෂ්පය ලෙස භාවිතා කළ නියඟලා මල් පුදා මෙසේ මියගිය පිරිස් සිහිකරන ලදී.

එහිදී ශ්‍රීධරන් මහතා තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායකයා තෝරාපත් කර ගැනීමේ රහස් ඡන්දයෙන් ඡන්ද 184 ක් ලබා නව නායකයා ලෙස තේරීපත්ව තිබේ. මෙහිදී ඒ මහතා නව නායකයා ලෙස තේරී පත්වූ පසු ප්‍රථමයෙන්ම භූමිය වෙනුවෙන් දිවිපිදුවන් සැමරීම යනුවෙන් සඳහන් කරමින් මෙසේ පහන් දල්වා ආගමික වතාවත්වල නිරත විය. පසුව කිලිනොච්චිය සිද්ධි විනයාගර් කෝවිලේ පැවැත්වූ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගි විය.
මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment