ත්‍රිරෝද රථ ගාස්තුත් නගී: පළමු කිලෝ මීටරයට රු. 90 යි

187

ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් අද (19 දා) සිට ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ නංවන බවත්, ඒ අනුව පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 90 ක්ද, දෙවැනි කිලෝ මීටරය සඳහා රුපියල් 70 ක්ද අය කරන බවත් ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මහින්ද කුමාර මහතා “දිවයින” ට ඊයේ (19 දා) පැවසීය.

හිතක් පපුවක් නැති ආණ්ඩුවට එරෙහිව දිවයිනේ ලක්‍ෂ 8 ක් වන ත්‍රිරෝද රථ වෘත්තිකයන් ඉදිරි දින කිහිපය තුළ කොටුව ගාලුමුවදොරට කැඳවා විරෝධය පළ කරන බවද හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ මහින්ද කුමාර මහතා මෙසේද කීය.

මේ හිතුවක්කාරී ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමෙන් ත්‍රිරෝද රථ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වෙලා. ඉන්ධන මිල වැඩි කළාම ත්‍රිරෝද රථ ගාස්තුව වැඩි කරන්න වෙනවා. මේ තත්ත්වය තුළ මගී ජනතාව අපේ ත්‍රිරෝද රථවල ගමන් කරන එකත් නැති වේවි. එහෙම වුණොත් අපිට වෙන්නේ තවත් අනාථ වෙන්නයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment