ති‍්‍රමලේ ඇඟලූම් බසය ගසක හැපී 26කට තුවාල: රියැදුරුට කොවිඩ් බව හෙළිවෙයි

140

ති‍්‍රකුණාමලයේ සිට මංකිබි‍්‍රජ් ප‍්‍රදේශයේ තිබෙන ඇඟලූම් කම්හලකට සේවකයන් ප‍්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ඊයේ (7 දා) උදේ මාර්ගයේ විශාල ගසක හැපී මීටර් 500 ක් දුර කැලෑවේ නැවතිනි.

 මෙම අනතුරින් බස් රථයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇත. බස් රථය පැදවූ රියැදුරු කොවිඞ් ආසාදිතයකු බව රෝහල් පරීක්‍ෂාවේදී අනාවරණය වී තිබේ.

 සිද්ධිය වන අවස්ථාවේ ඇඟලූම් සේවිකාවන් හතළිහකට අධික පිරිසක් බස් රථයේ සිට ඇති අතර 26 දෙනෙකු සුළු තුවාල ලබා ති‍්‍රකුණාමලය රෝහලට ඇතුළත් කෙරිණි. ති‍්‍රකුණාමලය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 ති‍්‍රකුණාමලය – සමන් මල්ලවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment