දණහිස ඉදිමුමට හෙළ වෙද ප්‍රතිකාර

121

මැදිවියට පත්වනවිට බොහෝදෙනාට ඇතිවන පීඩාකාරි රෝගාබාධයක් වනුයේ, දණහිස් ඉදිමුමට ලක්වීමය. මෙහිදී දණහිසේ වතුර ඇතැයි ද කියා පවසති.

දණහිස ඉදිමුම

දේශීය හෙළ වෙදකම, පාරම්පරික වෙදකමට සහ ආයුර්වේදයට අනුව දණහිස ඉදිමුමට හේතු රැසක් ඇති බව හඳුනාගෙන ඇත.

ප්‍රමේහ රෝග ලෙස සලකන ඔස්ටියෝ ආතරයිටීස් සහ රූමැටික් ආතරයිටීස් රෝග නිසා. උදරයේ කාලයක් තිස්සේ පවතින උෂ්ණාධික බව නිසා හටගන්නා මලබද්ධය නිසා දණහිස ඉදිමුම සහ එහි ජලය තැන්පත්වීම සිදුවේ.

මීට අමතරව දණහිස කාටිලේජ ගෙවීමට ලක්වීම නිසාද දණහිස ඉදිමුමට ලක්වේ.

මෙම රෝගයට නිසි ප්‍රතිකාර නොකළහොත් පසුකාලයේදී එය හෘදයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කර හෘදයාබාධ ඇතිවීමට ද හේතුවේ.

ප්‍රතිකාර

දේශීය හා හෙළ වෙදකමට සහ ආයුර්වේදයට අනුව දණහිස ඉදිමුම සහ එහි වතුර පිරීම රෝග සඳහා සුවිශේෂී ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ඇත.

පත්තු මගින්, බොන බෙහෙත් මගින් සහ ආලේප වර්ග භාවිතය මගින් දණහිසෙහි එක්වූ වතුර ස්වාභාවිකවම ඉවත් කරගත හැකිය.

ඖෂධ ප්‍රතිකාර ගන්නා අතර හොඳින් ජලය පානය, කෙඳි සහිත ආහාර වර්ග නිතර ආහාරයට ගැනීම කළ යුතුය.

සිරුරේ බර අධික නම් එය අඩුකරගත යුතුය. මන්දයත් සිරුරේ බර ඍජුවම දරා සිටින සන්ධි වනුයේ දණහිස සන්ධියයි. එනිසා පිෂ්ඨය සහ මේදය අධික ආහාර බහුලව ගැනීම වෙනුවට ප්‍රෝටීන්, විටමින්, කැල්සියම් බහුල ආහාර වර්ග ආහාරයට එක්කර ගත යුතුය.

දිනපතා ව්‍යායාමවල යෙදිය යුතුය. දණහිස කාටිලේජ ගෙවීම නිසා ඉදිමුමට ලක්ව ඇති විට ව්‍යායාම කිරීම නිසි වෛද්‍ය උපදෙස් මත සිදු කළ යුතුය. එසේ නොවුණහොත් පවතින රෝගය උත්සන්න විය හැකිය.

දේශීය හා හෙළ වෙදකමෙහි මෙවැනි රෝග සඳහා ඇති නිවැරදි ප්‍රතිකාර සුදුසුකම් සහ පළපුරුදු වෛද්‍යවරුන් වෙතින් ලබාගැනීමට ද අවධානය යොමු කළ යුතුය. එසේ නොවුණහොත් වැරදි ප්‍රතිකාර නිසා රෝගය සුවවීමට වඩා දරුණු තත්ත්වයට පත්විය හැකිය.

වැඩිවිස්තර සඳහා දුරකථන අංක 0112560121 ඇමතිය හැකිය.

දණහිස ඉදිමුමට හෙළ වෙද ප්‍රතිකාර

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය
කේ. ආර්. අල්විස් වෙදගෙදර,
සුසිලාරාම පාර, මාලබේ.

advertistmentadvertistment
advertistmentadvertistment