ඔහේ ෂූට් කරලා දාන්න කැමැති නැහැ – මන්දාරම් කතාවේ ධනුෂ්ක

264

රංගන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ධනුෂ්ක රත්නායක මෑතක සිට ඔබ හමුවට එන්නේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවෙනි. මේ දිනවල ඔහු අධ්‍යක්ෂණය කරනු ලැබූ මන්දාරම් කතාව ටෙලිනාට්‍ය තිරගත වෙනවා. ධනුෂ්ක සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.

ධනුෂ්ක ප්‍රේක්ෂකයන්ව නුවර අහස යටට අරගෙන යන්න හදනවානේ. මොකක්ද මේ මන්දාරම් කතාව ?

මන්දාරම් කතාව කියන්නේ මම මෙතෙක් කල් කරපු ටෙලිනාට්‍ය වලට වඩා වෙනස් වැඩක්. වෙනස් රිද්මයක, වෙනස් තේමාවක වැඩක්. ප්‍රේමය ගැන වෙනස්ම මානයකින් බලන වැඩක්. නුවර කියන්නේ මේ ටෙලි නාට්‍ය ඇතුලේ නගරයක් නෙමෙයි, තවත් එක චරිතයක්…. ඒක ඔයාලට මේ නාට්‍ය බලපුවහම දැනේවි කියල මම හිතනව..

මෙහි පිටපත කාගේද?

මේ ටෙලිනාට්‍ය ලියන්නේ තිලංක බණ්ඩාර. තිලංකව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්නේ සංස්කරණ ශිල්පියකු විදිහට. මේක තමයි තිලංකගේ පළමු තිර රචනය. මම හිතනවා තිලංකගේ පිටපත මේ නාට්‍යයට වෙනස් හැඩයක් ගේන්න සෑහෙන්න උපකාරී වුණා කියලා.

ඔහේ ෂූට් කරලා දාන්න කැමැති නැහැ - මන්දාරම් කතාවේ ධනුෂ්ක

මෙහි රූගත කිරීම් සිදුවන්නේ නුවරද?

නුවර සහ කොළඹ මෙහි රූගත කිරීම් සිදු කෙරෙනවා. මම මුලින් සඳහන් කළා වගේ නුවර කියන්නේ මේ කතාවේ චරිතයක් නිසා, අපි උත්සාහ කරනවා අපි ගේන රූප සත්කාරය ඒක ඉස්මතුවන ආකාරයෙන් වඩා පොහොසත් කරන්න.

නළු නිළියන් තෝරාගැනීම් සිදුකළේ කොහොමද?

ඇත්තෙන්ම අපි තිලංකගේ පිටපතට ගැළපෙනම රංගන ශිල්පීන් තෝරාගන්න සෑහෙන පරිස්සම් වුණා. මොකද ඕනෑම නිර්මාණයක් ප්‍රේක්ෂකයාට කොයි තරම් සමීප වෙනවද කියන එක තීරණය වෙන ලොකු සාධකයක් තමයි කාස්ටින් කියන්නේ. ඒ නිසා සමහර චරිත තෝරාගන්න අපි ඔඩිෂන් පවා සිදුකළා.

අද කාළේ නාට්‍යයක් කරලා ලාභයක් ලබනවා කියන්නේ හරි අමාරු වැඩක්නේ ?

එතැන ලොකු ගැටලුවක් තියනවා තමයි. අධ්‍යක්ෂවරයෙක් විදිහට මම කැමැති නැහැ මොකක් හරි දෙයක් ‘ඔහේ ෂූට් කරලා’ දාන්න. මම දෙන්න උත්සාහ කරන රූප සත්කාරයට සැලකිය යුතු වේලාවක් හා වියදමක් යනවා. ඒකත් එක්ක ලාභ ලැබීම කියන එක ඇත්තටම අභියෝගයක් තමයි. හැබැයි කර්මාන්තය පවතින්න නම් නිෂ්පාදකවරු රැකෙන්න ඕනෑ. ඒ නිසා, නිෂ්පාදකවරයාට අවාසියක් නොවෙන්න අපි මේ සියලු අභියෝග ජය ගන්න සෑහෙන්න ලොකු උත්සාහයක යෙදෙනවා.

මන්දාරම් කතාවට අලුත්ම පිරිසක් එකතු කරගන්න හිතුවේ ඇයි ?

මේ චරිතවල ස්වභාවය නිසාමයි. මෙහි එන සමහර චරිත කියවද්දී, පිටපත විසින් ඉල්ලා සිටින්නේ තරුණ, අලුත්, නැවුම් මුහුණු. ඒ අනුව අපි උත්සාහ කළා විශේෂයෙන්ම තරුණ චරිතවලට අලුත් ශිල්පීන් තෝරාගන්න.

මේ ඔබේ අධ්‍යක්ෂණ කාර්යයේ උපරිමයද?

ඔහේ ෂූට් කරලා දාන්න කැමැති නැහැ - මන්දාරම් කතාවේ ධනුෂ්ක

මම හිතන්නේ නැහැ. මම කැමැතියි නිරන්තරයෙන් යාවත්කාලීන වන්න. අනිත් කාරණේ තමයි හැම අධ්‍යක්ෂවරයකුම හිතන්නේ, තමන්ගේ නිර්මාණ ශක්තිය තවත් දියුණු කරගන්නා ක්‍රමවේදයන් ගැන. මම හිතනවා මේ පවතින තත්ත්වයන් යටතේ මගේ උපරිමය මේ නාට්‍යයට ලබා දුන්නා වුණත්, ධනුෂ්ක රත්නායක කියන අධ්‍යක්ෂවරයා කාලයත් එක්ක තවත් වර්ධනය වෙයි දියුණු වෙයි කියලා.

අදහසක් තියෙනවා. ඒ සඳහා තිර පිටපත් දෙකක් එක්ක විතර මං මේ වෙද්දි වැඩ කරනවා. බොහෝ වෙලාවට මේ වසරේ අග හෝ ලබන වසරේ මුල මම චිත්‍රපටයකට අතගසාවි.

වැඩිපුර කැමැති ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටද?

එහෙම කියලා එකක් නැහැ. මම කැමැති කතන්දර කියන්න. ඒ කතන්දරේ කියන්න වඩාම උචිත මාධ්‍ය ටෙලි නාට්‍යය නම්, ඒක ටෙලිනාට්‍යයක් වෙයි, එහෙම නැත්නම්, ඒක චිත්‍රපටයක් web series එකක් බවට පත් වෙයි.

ධනුෂ්ක ටෙලිනාට්‍ය හදන්නේ සම්මාන බලාගෙනද?

කොහෙත්ම නැහැ. මම විශ්වාස කරනවා ප්‍රධාන ධාරාවේ ටෙලිනාට්‍ය, ඒ වගේම චිත්‍රපට ගුණාත්මක ආකාරයෙන් නිර්මාණය කර බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසකට රැගෙන යෑම ගැන. ඒ නිසා කිසිසේත්ම සම්මාන බලාගෙන වැඩ කරන්නේ නැහැ. නමුත් ඒකෙන් කියවෙන්නෙ නැහැ සම්මානවලට අකමැතියි කියලා.

● දිනේෂ් විතාන

ඔහේ ෂූට් කරලා දාන්න කැමැති නැහැ - මන්දාරම් කතාවේ ධනුෂ්ක
advertistmentadvertistment
advertistmentadvertistment