දත්ත සොරකමේ චූදිතයෝ යළි ඖෂධ නියාමන මහ පුටුවලට

117

කුමුදේශ්ලාගෙන් චෝදනා

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සොරකමට චෝදනා එල්ලවූ පාර්ශ්වයන් නැවත වතාවක් ඖෂධ නියාමන අධිකාරියේ මහ පුටුවලට පත්වීමේ උත්සාහයක් පවතින බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

දත්ත හොරකමට අදාළ චූදිත පාර්ශ්වයන් නැවත වතාවක් ඖෂධ නියාමන අධිකාරියේ මහ පුටුවලට ඒමට උත්සාහ දරන්නේ දත්ත හොරකම යට ගහන්න දැයි සැක මතුවන බව ද කුමුදේශ් මහතා කීය.

අපේ රටේ අපරාධ පරීක්‍ෂණ පටන් ගන්නකොට චූදිතයන් එළියට ගිහින් අලුත් වටයකින් හැවඇරලා නැවත පත්වෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව ද ඔහු කීය. ඉමියුනෝග්ලොබියුලින් සොරකමට අදාළ සමාගම මේ වන තෙක් නිදැල්ලේ සිටින බවත් හෙට අනිද්දා ඔවුන් රට හැරගොස් ඇති බවට වාර්තා වුවහොත් එයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වගකිව යුතු බවත් කුමුදේශ් මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment