දඹුල්ල තන්ඩර්ස්හි තමීම් රහමාන් රිමාන්ඩ්

624

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත කණ්ඩායමක් වන දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම හා සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයෙක් වන තමීම් රහමාන් මෙම මස 31 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර ඇත. තරග පාවාදීමට යෝජනා කිරීමට උත්සාහ කිරීම, සම්බන්ධයෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සැක පිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන කරනු ලබන නඩු කටයුත්තක් මත විදෙස් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි විට කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් රඳවා ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment