දශකයක් පැරණි තායිලන්ත සහල්වල ගමනාන්තය කොහෙද ?

303

තායිලන්ත රජය පසුගිය දා දශකයක් පමණ පැරණි සහල් ටොන් 15,000ක් වෙන්දේසි කිරීමට පියවර ගත්තේ ය.

මෙය එදිනෙදා සිදුවන දෙයක් නම් නොවෙයි. එසේ නම්, ඔවුන් එවැනි පියවරක් ගත්තේ මන්ද? ආන්දෝලනාත්මක යෝජනා ක්‍රමයක් යටතේ රජය විසින් වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට ගොවීන්ගෙන් මිල දී ගනු ලැබීමෙන් පසු අවම වශයෙන් වසර 10ක කාලයක් පුරා තායිලන්තය මෙම සහල් ගබඩා කර තිබිණි. 2011දී හිටපු අගමැතිනි ඉන්ග්ලක් ෂිනවත් විසින් හඳුන්වා දෙන ලද මෙම යෝජනා ක්‍රමය යටතේ, ඇයගේ දේශපාලන පදනම ලෙස සලකුණු ගොවීන්ගෙන් සහල් ටොන් 54කට වැඩි ප්‍රමාණයක් මිල දී ගනු ලැබිණි.

ඒ සඳහා රජය වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලක් ගොවීන්ට ගෙවීමට බාත් බිලියන 900කට අධික මුදලක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 24කට ආසන්න මුදලක්), වැය කළේ ය. මෙම මුදල්වලින් වැඩි කොටසක් ණයට ගත් ඒවා ය.

නමුත් මෙම යෝජනා ක්‍රමය මූල්‍යමය වශයෙන් අසාර්ථක විය. රජයට සහල් වැඩි මිලට විකිණීමට නොහැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සහල් විශාල ප්‍රමාණයක් රජය සන්තකයේ තබා ගැනීමට සිදුවිය.

පසුගිය මාසයේදී තායිලන්ත වාණිජ අමාත්‍ය පුම්තම් විචියාචායි පැවසුවේ, සහල් අලෙවිය අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පිහිටුවන බව ය.

ජූනි 17 වන දින, V8 Intertrading Co Ltd නම් තායි සමාගමක් මෙම වෙන්දේසිය දිනුවේ, සහල් සඳහා බාත් මිලියන 286ක ලංසුවක් තබමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment