දැරියට අතවර කිරීමට තැත්කළ තරුණයාට ලක්‍ෂ පහක ශරීර ඇප

308

ඔන් ලයින් හරහා පංතිවලට සහභාගිවී සිටියදී හඳුනාගත් 13 හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

මෙසේ ඇපමත මුදා හරිනු ලැබුවේ 18 හැවිරිදි තරුණයෙකි.

තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල ප‍්‍රදේශයේ පදිංචි සිසුවියට ඔන් ලයින් මගින් පංතිවලට සහභාගිවීම සඳහා දෙමව්පියන් විසින් ජංගම දුරකතනයක් ලබාදී තිබේ. මේ අතර මෙයට මාස එකහමාරකට පෙරදී ඇය අන්තර් ජාලය හරහා පිරිමි ළමයෙකු හඳුනාගෙන ඇත. මේ අතර ඔහු ඇයට කතාකොට ඇය හමුවීමට එන බව පවසා ඉකුත් 29වන දින අලූයම එකට පමණ ඇයගේ නිවසට ගොස් ඇති අතර ඇයද දොර විවෘත කරගෙන ඔහු හමුවට ගොස් ඇත. එසේ ගොස් ඔහුගේ ඉල්ලීම පරිදි දෙදෙනා නිවසේ සිට මීටර් පනහක් පමණ දුරට ඇවිද ගෙන වත්ත පහළට යමින් සිටියදී ඔවුන් එනතුරු තවත් දෙදෙනෙකු බලා සිටින බව ඇය දැක ඇත. ඒ සමගම යතුරුපැදියක් පැමිණීම නිසා බියට පත් ඔහු අනෙක් දෙදෙනාද සමග දුවගොස් ඇති අතර ඇයද දුවගෙනවිත් මිදුලේ වැටී ඇත.

ටික වේලාවකට පසු අවශ්‍යතාවයකට එළියට යෑම සඳහා මව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ දියණිය මිදුලේ වැටි සිිටිනු දැක වහාම 119 ගිලන් රියකින් රෝහල වෙත යවා ඇත. ඉන්පසු දිගින් දිගටම කරුණු විමසිමේදී ඇය විසින් සිද්ධිය පැවසීමෙන් පසු පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලිසිය ඉකුත් 6වනදින අධිකරණයට කරුණු වාර්තා කරමින් ප‍්‍රධාන සැකකරුගේ ජංගම දුරකතන වාර්තාවක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. මේ අතර සිද්ධිය දැනගැනීමෙන් පසු සැකකරු සිද්ධිය සමථයකට පත් කර ගැනීම සඳහා ඇයගේ නිවසට පැමිණි අවස්ථාවේ ලැබුන තොරතුරක් අනුව පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමා ඇය සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන යන අතර ඇයගේ ඉල්ලීම අනුව එදින රාත‍්‍රි පැමිණි බවය. තෙලිකඩ පොලිසියේ ස්ථානාධිති පොලිස් පරීක්ෂක දිලංක මහතාගේ උපදෙස් පරිදි සැරයන් ආනන්ද (35557* මහතා විසින් සැකකරු අධිකරණයට ඉදරිපත් කරන ලදී.

අහංගම – සුගතපාල දියගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment