දැල්පන්දු අවසන් මහා තරගයට කණ්ඩායම් තේරීම ලබන 4 දා සිට

55

නෙස්ලේ MILO, 31 වැනි ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු ශූරතාවලියේදී පාසල් ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීමට එක් වෙයි

නෙස්ලේ MILO, 31 වැනි ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු ශූරතාවලිය සඳහා සිය අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත්ව සිටියි. දශක 3කට වැඩි කාලයක් තිස්සේ දැල්පන්දු ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට කැපවූ නෙස්ලේ MILO ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා ජාතික වේදිකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් පිළිගැනීමට ලක්ව ඇත. මෙවර එම තරගාවලිය සඳහා නැවත වරක් අනුග්‍රහය ලබාදීමට නෙස්ලේ MILO ඉදිරිපත්ව ඇත්තේ එම පිළිගැනීම තව දුරටත් ඉදිරියට ගෙන යමිනි.

දැල්පන්දු අවසන් මහා තරගයට කණ්ඩායම් තේරීම ලබන 4 දා සිට

ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන 2024 දැල්පන්දු ශූරතාවලියේ පළමු අදියරේ මධ්‍යස්ථාන තරගාවලිය 2024 ජූලි මස සිට ඔක්තෝබර් මාසය දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 15කදී පවත්වනු ලැබීය. ඒ සඳහා දැල්පන්දු ක්‍රීඩිකාවන් 13,000කට අධික ප්‍රමාණයක් එක් වූහ. එම තරගාවලිය තුළින් ජයග්‍රහණය කරමින් සුදුසුකම් ලැබූ කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් නොවැම්බර් 4 වැනිදා සිට 6 වැනිදා දක්වා මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී තරග වැදීමට නියමිතයග අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව පුරා පාසල් 400ක දැල්පන්දු ක්‍රීඩිකාවන් 4,000ක පමණ පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නෙස්ලේ MILO ශ්‍රී ලංකාවේ බිම් මට්ටමින් ක්‍රීඩාව නගාසිටුවීම අරමුණු කර ගනිමින් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරයි. දිගුකාලීන හවුල්කාරීත්වයක් තුළින් තරුණ පාසල් දරුවන් දිරිගන්වමින් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවතභාවය ඔවුන්ට ලබා දීමට නෙස්ලේ MILO කටයුතු කර ඇත්තේ හෙට දවසේ ශූරයන් බිහිකිරීම සඳහා සුවිසල් ශක්තියක් වෙමිනි.


advertistmentadvertistment