හර්මන්ප්‍රීත් නායකත්වය දැරූ ඉන්දීය කාන්තා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගැනිීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් වූහ.
ඒ ප්‍රතිවාදී මෙග්ලැන් නායකත්වය ලබාදුන් දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම ලකුණු 8ක තියුණු පරාජයකට පත් කරමිනි.
මුලින්ම පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩිකාවෝ පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 149ක් ලබාගත්හ.
එම තරඟයේදී මුම්බායි කණ්ඩායමේ නායිකාව හර්මන්ප්‍රීත් කෞත් ලකුණු 65ක් ලබාගත්තේ හතරේ පහරවල් 9ක් හා හයේ පහර 2ක් සමගිනි.
ජයග්‍රහණය සඳහා දිල්ලි කණ්ඩායමට හිමිවුණු ලකුණු 150ක ඉලක්කය හඹායෑමට මුම්බායි කණ්ඩායම ඉඩ ලබානොදුන් අතර පන්දුවාර 20 අවසානයේ දිල්ලි කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 141ක් පමණි.
මුම්බායි වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතවූ නටාලියා ලකුණු 30කට කඩුලු 4ක් බිඳ දැමූවාය. ඒ අනුව ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන් කාන්තා කණ්ඩායම සමත්වූහ.
මුම්බායි ඉන්දියන්ස්
පන්දු වාර 20 – කඩුලු 7යි
ලකුණු 149
හර්මන්ප්‍රීත් කෞත් 66
නටාලියා සීවර් 30
දිල්ලි පන්දු යැවීම
මැරිසෙන් කේප් 11/2
ජේස් ජොනසෙන් 26/2
නල්ලපුරෙඩ්ඩි චරනි 43/2
දිල්ලි කැපිටල්ස්
පන්දු වාර 20 – කඩුලු 9
ලකුණු 141
මැරිසේන් කේප් 40
නිකී ප්‍රසාද් නොදැවී 25
මුම්බායි පන්දු යැවීම
නටාලියා සීවර් 30/3
ඇම්ලියා කේර් 25/2