‘දිවයින’ නියෝජ්‍ය කර්තෘ අකිත පෙරේරා මහතාගේ නෑනණ්ඩිය වූ මධුෂා මල්වත්ත මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17 වැනිදා) සවස 4.00ට පලාතොට, හිමිදිරියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
කළුතර, දොඩංගොඩ, පහන්වත්ත, පදිංචිව සිටි මධුෂා මහත්මිය මියයන විට 39 හැවිරිදි වියේ පසුවූවාය.
මතුගම එයිට්කන් ස්පෙන්ස් ඇඟලුම් ආයතනයේ මානව සම්පත් කළමනාකාර දුමින්ද පෙරේරා මහතාගේ ආදරණීය බිරිඳ වූ ඇය එක්දරු මවකි.
මධුෂා මල්වත්ත මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාගොඩ ලයනල් මල් ශාලාවේ තැන්පත් කර තිබේ.