දුම්රිය වර්ජනය ලොකොමොටිව් ලේකම්ගේ වැඩක්ලු

278

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති නිවේදනය කරයි.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී සිටිති.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරෝ පමණක් මෙම වර්ජනයට එක්වී සිටිති. මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්ගසීගඑම් සේනානායක මහතා පවසයි.

කෙසේවෙතත් දුම්රිය රියදුරන් 84 දෙනෙකුගේ උසස් වීම් ගැටලු මුල් කරගනිමින් එම රියදුරන් පමණක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව වාර්තාවේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ විධායක කමිටුව විසින් ගත් තීරණයක් නොවන අතර සංගමයේ ලේකම්වරයා විසින් ගත් තීරණයකට අනුව වර්ජනය සිදුකරන බව එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment