ලංගම බස් රථයෙන් විසිවූ කාන්තාව රෝහලේදී මරුට

413

කදුරුවෙල සිට මැදිරිගිරි ය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගමන් ගත් කාන්තාවක ගිරිතලේ වැවේ වාන අසල වංගුවේ දී ධාවනය වූ බස් රථයෙන් ඉවතට වීසි වීම නිසා බරපතළ තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනතුරින් දින තුනකට පසු පෙරේදා (30දා) මරුමුවට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මින්නේරිය පුරාණ කටුකැලියාව පදිංචි ගාර්දිය වසම් හෙන්නැදිගේ ස්වර්ණලතා නැමැති 59 හැවිරිදි දෙදරු මවකි.

සිද්ධිය බස් රථයේ ගමන් ගත් ළමයකු දැක කෑ ගසා ඇත.

බස් රථයේ රියැදුරා මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මින්නේරිය පොලිස් ස්ථානාධිපති එච්. ජී. එස්. ජේ. සුමනවීර මහතාගේ මගපෙන්වීම මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක පොලිස් සැරයන්වරුන් වන විජේකෝන් (36983) අබේරත්න (60780) යන මහත්තුරු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

මින්නේරිය – සුසිල් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment