ධීවරයන් වෙනුවෙන් බැටරිවලින් ධාවනය කළ හැකි බෝට්ටු එන්ජිමක්

157

ධීවරයන් සඳහා විදුලි කෝෂ යොදා ගනිමින් ධාවනය කළ හැකි බෝට්ටු එන්ජිමක් හඳුන්වාදීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ධීවර බෝට්ටුවලට ඉන්ධන භාවිතා කරමින්, ධීවරයන්ට විශාල පිරිවැයක් දැරීම වැළැක්වීමේ අරමුණින් ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් මත බණ්ඩාරගම පිහිටි මිල්ටන් මෝටර්ස් ආයතනය විසින් මෙම බෝට්ටු එන්ජිම හඳුන්වාදී තිබේ.

ඉදිරි සතිය තුළ මුහුදේ පරීක්‍ෂණ කටයුතු කිරීමෙන් අනතුරුව ධීවරයන්ට මෙම එන්ජිම හඳුන්වා දෙන බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම විදුලි කෝෂ සවිකරන ලද ධීවර බෝට්ටු වලට මුහුදේ කිලෝමීටර් සියයක් පමණ දුරට ගමන් කිරීමට හැකියාව පවතින බවද ධීවර අමාත්‍යාංශය පවසයි.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment