රවි – චන්‍ද්‍ර – කුජ – බුධ – ගුරු – ශුක්‍ර – ශනි – කේතු – රාහු යන නවග්‍රහයන් අතුරින් ග්‍රහයන් වැඩි දෙනකුගේ අපල උපද්‍රව පවතින විට පැලඳිය හැකි මාහැඟි යන්ත්‍ර රාජයෙකි මහා නවග්‍රහ යන්ත්‍රය හෙවත් නවග්‍රහ මණ්ඩල යන්ත්‍රය. නිවැරදි යන්ත්‍ර – මන්ත්‍ර – තන්ත්‍ර ක්‍රමවේද අනුව ජ්‍යොතිෂ – ගුප්ත විද්‍යානුකූලව මෙම යන්ත්‍රය පැලඳ ගැනීමෙන් අශුභ ග්‍රහ කිරණවලින් ඔබව ආරක්‍ෂා කරයි.
නවග්‍රහ මණ්ඩල යන්ත්‍ර රාජයා
(2. × 10. තඹ තහඩුවකට ප්‍රස්ථාර කර ගත යුතුය.)
නවග්‍රහ යන්ත්‍ර ජීවම
ඕං ආජානාම් බාහුදේ හෝල් සුරග්‍රහ දේශාම් භාභා සූර්‍ය්‍යම් ඕ හෝ නාම් රවි දේවාම් දේහාම් වා වා දේ දේම් දිෂ්ටි නේම් දිෂ්ටිම් ග්‍රහහස්තදිෂ්ටිම් ආකාර වර හංස දිෂ්ටිම් කොරවර බ්‍රහ්ම දිෂ්ටිම් ඌකාර සුරලෝක දිෂ්ටිම් ඒකාර නරලෝක දිෂ්ටිම් ඕකාර නේත්‍ර දිෂ්ටිම් රවි චන්‍ද්‍ර කුජ දේව වජ්‍රාදිෂ්ටිම් බුධ දේව ගුරු හස්ත දේවනී දිෂ්ටිම් කිවිදේවසර හස්ත දිෂ්ටිම් ශනි දේව වරලෝක දිෂ්ටිම් පනිදේව බඹ අර්දිවර කේතු දිෂ්ටිම් නවග්‍රහ දිෂාම් නේත්‍රමුඛාය දිෂ්ටිම් භ්‍රගුවර දිෂ්ටිම් මාගේ සර්වාංගයට සැණෙන් වාරුං ග්‍රහජීව ප්‍රාණජීව වාරුං නේත්‍රජීවවාරුං නමෝ මංගලං නමඃ
යන්ත්‍ර ආසනය ගැබ් 09ක් සිටින සේ සාදා එහි මතුපිට තැඹිලි ගෙඩියක් උඩ නවග්‍රහ යන්ත්‍රය තැම්පත් කරලීම ශුභයි. නවවිඹ මල් – බෙලිකොළ – මදුරුතලා වැනි කොළ මල් වලින් සරසා මල් මාලයක්ද යන්ත්‍රය වටා ඇතැම් ඇඳුරන් තබනු ලබයි. පංචෝපචාර පුද සහිතව ජ්‍යොතිෂ – ගුප්ත විද්‍යානුකූලව මෙම නවග්‍රහමණ්ඩල යන්තරය සකසා පැලඳ ගැනීමෙන් නවග්‍රහ අපල උපද්‍රව දුරුකරගෙන සියලු අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගත හැකිය.