නවසීලන්ත එක්දින කණ්ඩායමේ නායකත්වය මිචෙල් සැන්ට්නර් හට ලබාදී ඇත. සැන්ට්නර් නව නවසීලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වය විසින් නිල වශයෙන් නායකත්වයට පත් කර ඇති බව නිවේදනය කර තිබේ.
වමතින් දඟ පන්දු යවන්නකු වන සැන්ට්නර් 32 වැනි වියේ පසුවෙයි. ඔහු මීට පෙරද කණ්ඩායම වෙනුවෙන් එක්දින නායකත්වය මෙහෙයවා තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරගාලියේ නායකත්වය ද මිචෙල් සැන්ට්නර්ට ලබා දෙනු ලැබේ.
මිචෙල් සැන්ට්නර් එක්දින තරග 04 කට ද ඔ- 20 තරග 24 කට ද සහභාගි වී ඇත.
එක්දින නායකත්වයට පත්වීමෙන් පසු සැන්ට්නර් පවසා ඇත්තේ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම හීනයක් වූ අතර දැන් ඒ රට වෙනුවෙන් ක්‍රීඩා කරන අතර නායකත්වය දැරීමට ලැබීමත් විශාල ගෞරවයක් ලෙසයි.