නව මහකොමසාරිස්වරු සහ තානාපතිවරු දස දෙනෙක් ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙති

269

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු තිදෙනෙක් සහ තානාපතිවරු හත් දෙනෙක් මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමන් වෙත සිය අක්ත පත්‍ර භාරදීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීම සඳහා පැමිණි අතර මොවුන් සියලු දෙනා ශ්‍රී මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගන්නා ලදී.

එලෙස පැමිණෙන පිරිස අතර ටි්‍රනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය, උගන්ඩා ජනරජය සහ සීෂෙල්ස් ජනරජය සඳහා නව මහකොමසාරිස්වරුන් ද, පැනමා ජනරජය, බෙලිජියම් රාජධානිය, හෙලනික් ජනරජය, සිරියානු අරාබි ජනරජය, කොරියානු ජනරජය සහ හංගේරියාව යන රාජ්‍යයන් සඳහා පත් වූ නව තානාපතිවරුන් ඇතුළත් වන අතර මොවුන් සියලු දෙනා ශ්‍රී දළදා මාලිගාවට අයත් ඇත් පන්තිය නැරඹීම සඳහා ද අවස්ථාව උදා කර ගන්නා ලදී.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපන


advertistmentadvertistment