SDB බැංකුව හොරණ සහ කළුතර ශාඛාවන්හි සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කරයි

36

තිරසාරත්වය වෙනුවෙන් සිය කැපවීම නැවත ප්‍රදර්ශනය කරමින් SDB බැංකුව හොරණ සහ කළුතර ශාඛාවන්හි සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කරයි. SDB බැංකුව පාරිසරික, සමාජයීය සහ යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දැඩි කැපවීමකින් ක්‍රියා කරන බැංකුවකි. ඊට අදාළව විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්‍රමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා SDB බැංකුව බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ අතරින් හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගම සමඟ එක්ව සූර්ය විදුලි පද්ධති ස්ථාපනය කිරීම සඳහා 2021 වසරේදී විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම කැපී පෙනෙන කාර්යයකි. එම ණය පහසුකම යටතේ ස්ථාපනය කෙරුණු පළමු වාණිජමය සූර්ය බලශක්ති පද්ධතිය ස්ථාපනය කිරීම 2022 වසරේදී සිදු විණි.

හොරණ ශාඛාවේ බලශක්ති පද්ධතිය ස්ථාපනය කිරීම ‘හරිත ගොඩනැඟිලි’ වැඩසටහනේ නිල ආරම්භය සනිටුහන් කරමින් උත්සවාකාරයෙන් පැවත්වුණු අතර එය SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි. මෙම අවස්ථාව සඳහා SDB බැංකුවේ විධායක කළමනාකාරණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ නියෝජිතයින්, පාරිභෝගිකයන් ඇතුළු තවත් අමුත්තන් රැසක්ද සහභාගී වී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment