නාසා ආයතනය විසින් පිළිගැනීමට ලක්වූ ළාබාලතම ශ්‍රී ලාංකික පර්යේෂිකාව බවට තෙපුලී වන්නකුකෝරල පත්ව තිබේ.
කොළඹ නගර ගෘහ නිර්මාණ පාසලේ ශිෂ්‍යාවක වන තෙපුලී වන්නකුකෝරල නාසා ආයතනය විසින් පිළිගත් විද්‍යාත්මක පත්‍රිකාවක් නිර්මාණය කළ ළාබාලතම ශ්‍රී ලාංකික පර්යේෂිකාව බවට පත්වීම මෙරටට ඉමහත් ගෞරවයකි.
තාප නැනෝ සෛල පිළිබඳ ඇගේ 2020 පර්යේෂණය නාසා ආයතනයේ ඉහළම පර්යේෂණ අංශවල අවධානයට ලක් වූ අතර එමඟින් පසු විපරම් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සහ නාසා ආයතනය සමග අනාගත පර්යේෂණ භූමිකාවක් සඳහා ඇයට නිල ආරාධනයක් ලැබී ඇත.
චතුර පමුණුව