පුනර්ජීවනයෙන් හා සුරක්ෂිතතාවෙන් ආහාර නිෂ්පාදනය ඉහළ ගියා – අගමැති දිනේෂ් ගුණවර්ධන

58

සොච්චමකින් පඩි වැඩි කළාට වැඩක් නෑ ගහන බද්දෙන් සියල්ල ඉවරයි – විජිත හේරත් (ජාජබ)

අපි කුලල් කා ගත්තොත් වාසිය පිට ඉන්න කණ්ඩායම්වලට කියලා හිතේ තියාගන්න – වජිර අබේවර්ධන (එජාප)

ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ නිසා ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ උත්සාහය සාර්ථක කර ගැනීමට හැකි වූ බවත්, ඒ තුළින් උද්ධමනය පහළ අගයකට රැගෙන ඒමට හැකි වූ බවත් අගමැති හා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (28 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගමැති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීය.

එහිදී විවාදය ආරම්භ කරමින් කතා කළ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ. සී. අලවතුවල (සජබ)

රුපියල් බිලියන 469 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා වෙන්කර තිබෙනවා. පළාත් සභා යටතේ ආයතන ගණනාවක් තියෙනවා. ඒවා අධීක්ෂණය කරන්න කවුරුත් නෑ. මේ නිසා පුරවැසියාට දැඩි අසාධාරණයක් මේ තුළින් වෙනවා. මේ මැතිවරණය තියනවා නම් විපක්ෂයක් ලෙස අපි කැමැතියි පරණ ක්‍රමයට ගිහින් මේ පාර්ලිමේන්තුව තුළින් සම්මත කරලා මැතිවරණය තියන්න.

පළාත් පලාන මැතිවරණය මුදල් නෑ කියලා කල් දැම්මා. මේවාත් නිලධාරීන් මගින් පාලනය වෙන්නේ. පාලන බලයක් නැතිව ජනතා අවශ්‍යතා ඉටු වන්නේ නෑ. අද විශ්‍රාමිකයාට බෙහෙත් ටික ගන්න විදිහක් නෑ. බඩු මිල වැඩියි. ඒ නිසා වහාම විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිවීම ලබා දෙන්න.

අගමැති දිනේෂ් ගුණවර්ධන

අපි කවුරුත් රාජ්‍ය පරිපාලනය දේශපාලනකරනයෙන් පුළුවන් තරම් ඉවත් කිරීම දැමීම සඳහා උත්සාහ යෙදෙන්න කියලා තමයි දෙපාර්ශවයම මං හිතන්නේ පතන්නේ. නමුත් ඒ තත්ත්වයට පරිවර්තනය කර ගැනීමමේ විවිධ ගැටළු තියෙනවා ඒ සඳහා පලමු කොට රාජ්‍ය පරිපාලනය යම්කිසි මට්ටමක ප්‍රතිපත්ති අනුගමනය කිරීම සඳහා ස්වාධීනව යොමු කර ගැනීම සඳහා විසිඑක්වැනිආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යළිත් වරක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. අපි විශ්වාස කරනවා අපේ රටේ විශිෂ්ටතම රාජ්‍ය පරිපාලනය නිලධාරීන් බිහිකරපු රටක්.

පරිපාලනයේ 14 ලක්ෂයක සේවාවේ සිටින අය එලෙස දහස් ගණනින් රක්ෂාව අහිමි කරන්නට තීරණයට පැමිණෙන්නේ නෑ. අපිටත් එහෙම කරන්න තිබුණා. අපි මේ ජීවන දීමනාව දහදාහකින් වැඩි කර තිබෙනවා. ඒ වගේ වුණා විශ්‍රාමිකයන්ට ද අනෙක් ක්ෂේත්‍ර වලටද එවැනි මේ හිමිකම් කීම හැකි ලෙසද සහනයක් සලසලා තිබෙනවා. මේ ආර්ථිකය සහනයක් සලසන ආර්ථිකයක් මා පිළිගන්නවා ජීවන වියදම වැඩි වුණා. උද්ධමනය නොසිතු විදිහට වැඩි වුණා.රුපියලේ වටිනාකම නො සිතූ තරම් වැඩි වුණා. ඒ ඊයේ අද අපි ජීවත් වෙන්නේ ඊයෙ නෙවෙයි. අද අපි ජීවත් වෙන්නේ ඊට වඩා වෙනස් වූ තත්ත්වයක ඒ නිසා අපට පුළුවන් වී තිබෙනවා. ආර්ථිකයේ සත්‍යය ආර්ථිකය වර්ජනයකට පරිවර්තනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගයන් ලබා ගැනීම.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩසටහනේදී මඟහැරුණු 465 දෙනකුගේ ප්‍රශ්නය විටින් විට කතා කළා. මෙය ඉටු කරනවා කිව්වා. මේ වනතෙක් ප්‍රශ්නය විසඳී නෑ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල, උප ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 ක් රටේ තියෙනවා. නමුත් තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අලුතෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අවශ්‍යයි. නුවරඑළිය දිස්ත්‍රික්කයට අවශ්‍යයි. 14022 ක් ග්‍රාම නිලධාරී කාර්යාල තියෙනවා. ඒ බල ප්‍රදේශවල ජනගහනය වර්ධනය නිසා විශාල වසම් ඇතිවී තියෙනවා. ඒ නිසා අලුතින් අධ්‍යයනය කරලා නැවත බල ප්‍රදේශ නම්කරන්න. ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවක් ඇතිකිරීම, නිසි වැටුප් තලයේ පිහිටුවීම, රාජකාරි කටයුතුවලට අවශ්‍ය පහසුකම් ලබාදීම ගැන මැදිහත් වී කටයුතු කරන්න.

අපි අපේ මන්ත්‍රීවරු වහල්ලුන් ලෙස විපකෂයේ රඳවාගෙන නෑ. ඔවුන්ට ඕනෑම කෙනෙක් එක්ක කතා කරන්න නිදහස තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති සැලුන් දොරක් ගැන කිව්වා වගේ අපේ පක්ෂයෙන් ඕනෑම කෙනකුට යන්නත් පුළුවන් ඉන්නත් පුළුවන්.

රටේ රාජ්‍ය සේවාව තුළ ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා සියලු රාජ්‍ය සේවකයන් සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමේ වැඩසටහනක් නොමිලේ පවත්වන්න. ඒ වගේම තොරතුරු තාක්ෂණය ගැනත් රාජ්‍ය සේවකයාට හොඳ දැනුමක් ලබා දෙන්න, පුහුණු වැඩසටහන් පවත්වන්න.

වජිර අබේවර්ධන (එජාප)

පුනර්ජීවනයෙන් හා සුරක්ෂිතතාවෙන් ආහාර නිෂ්පාදනය ඉහළ ගියා - අගමැති දිනේෂ් ගුණවර්ධන

කතා කරන හැම නියෝජිතයෙක්ම මතක තබා ගත යුතුයි මේ කතා කරන්නෙ බංකොලොත් අයවැයක බංකොලොත් වැය ශීර්ෂය. එහෙනම් දෙසැම්බර් මාසයේ ජනාධිපතිතුමා බලනවා බංකොලොත් භාවය ගැලෙව්වට පසුව මේ අමාත්‍යංශ තව ශක්තිමත් කරලා ඉදිරියට යන්න. එහෙනම් මුළු රටේම මේ ප්‍රශ්නය අවසන් කරගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන් මේකට නායකත්වය දෙනවා. එතුමා පළපුරුදු දේශපාලන නායකයෙක් හැටියට. එතුමාට ඒ ශක්තිය මේ බංකොලොත් භාවය ගැලෙව්වට පසුව මං හිතනවා මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ශක්තිමත් කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙනවා.

චන්ද්‍රිකා මැතිණිය එක ඇහැක් නැතුවයි ජීවත් වෙන්නෙ, ගෝඨාභය මහත්තය පිත්තල හන්දියේ ප්‍රහාරයෙන් අනූ නවයෙන් බේරිලායි ජීවත් වෙන්නෙ, ඒකයි ෆොන්සේකා මහත්තයා බඩවැල් ටික අතේ තියාගෙන ජීවත් වෙන්නෙ. එහෙනම් නැවතත් මේ සභාවේ ඉන්න අපි කුලල් කා ගත්තොත් වාසිය අපිට නොවෙයි, ඒ වාසිය ලැබෙන්නෙ මුහුදින් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට කියලා හිතේ තියාගෙන අපි සියලු‍ දෙනා ක්‍රියාකළ යුතුයි කියලා මේ අවස්ථාවේ දී මතක් කරන්න කැමතියි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

රාජ්‍ය සේවකයන් අද ජීවත් වෙන්න බැරි අමාරු තත්ත්වයකට පත්වෙලා. එදා පෙට්‍රල් ලීටරය 117 ට තිබුණේ. අද එය රුපියල් 355 වෙලා. බිත්තරයක් රුපියල් 16 ට තිබුණේ. අද එය රුපියල් 40 යි. හැමදේම මිල වැඩි වෙලා. ආදායම සත පහක්වත් වැඩිවී නෑ. වියදම තුන්ගුණයකින් වැඩිවෙලා. ආණ්ඩුව එය පැහැදිලිව දන්නවා. නමුත් මොකද්ද දීලා තියෙන විසඳුම. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව හතරදෙනකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත්වීමට රුපියල් 74000 ක් ඕන. මේ ආදායම ලබන රාජ්‍ය සේවකයන් කීයෙන් කීදෙනාද ඉන්නේ.

පුනර්ජීවනයෙන් හා සුරක්ෂිතතාවෙන් ආහාර නිෂ්පාදනය ඉහළ ගියා - අගමැති දිනේෂ් ගුණවර්ධන

සොච්චම් මුදලක් පඩිය වැඩි කළාට ගහන බද්දෙන් සියල්ල ඉවරයි. ආණ්ඩුව වැඩි කළ බද්දෙන් බිලියන 1094 ක් බලාපොරොත්තු වෙනවා. රජයේ සේවකයන්ට රුපියල් 10000 දුන්නම වැය වෙන්නේ රුපියල් බිලියන 133 යි. බිලියන 133 ක් දීල, බිලියන 1094 ක් ආණ්ඩුව උපයා ගන්නවා බදු මගින්. මේ නිසා අවම වශයෙන් රුපියල් 20000 ක් වත් වැටුපට එකතු විය යුතුයි. වතු කම්කරුවාට ජීවත් වෙන්න බැහැ.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර වෙලා. බඳවා ගත් රාජ්‍ය සේවකයන්ටත් 2006 සිට පූර්ණ විශ්‍රාම වැටුපක් නෑ. රාජ්‍ය සේවකයාට කරන සේවයේ තෘප්තියක් නෑ. බොහෝ පුරප්පාඩු පුරවා නෑ. ඒ නිසා ඉන්න අයටම වැඩ ආවරණය කරන්න වෙලා. ග්‍රාම සේවකයන්ට රැකියාව එපා වෙලා. කාමරයට ගෙවන්නේ රුපියල් දාහයි. මේ රටේ කොහෙද රුපියල් දාහකට කාමර තියෙන්නේ.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ)

මෙවර අයවැයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට වැඩි මුදලක් වෙන් කරලා, සමස්ත අයවැයෙන් සියයට 22 ක්.

ග්‍රාම නිලධාරීන් සුදුසු වැටුප් තලයක පිහිටුවන්න රජය අසමත් වෙලා. ග්‍රාම නිලධාරීන් 11000 කට හරියට කාර්යාල නෑ. නාගරිකව නිලධාරියකුට කුලිය ගෙවන්නේ රුපියල් 1500 යි. ග්‍රාම නිලධාරීන්ට වසර ගණනාවකින් කාර්යාල උපකරණ ලබාදී නෑ. දීමනා වැඩි කරන්න පියවර අරගෙන නෑ.

අස්වැසුම ලැබිය යුතු අයට නොලැබී ගිහින්. අස්වැසුම වැඩසටහනින් ග්‍රාම නිලධාරීන් ඉවත් වුණොත් වැඩේ අසාර්ථක වේවි. අද වනවිට මහජන නියෝජිතයන් කිසිම පළාත් පාලන ආයතනයක නෑ. ඒ නිසා එහි කටයුතු කඩාවැටිලා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

රොෂාන් රණසිංහ ඇමැතිවරයා බරපතළ වරප්‍රසාද කඩවීමක් ගැන ප්‍රකාශයක් කළා. ඒ විධායකයෙන් මරණීය තර්ජන එල්ල වී ඇති බවට. පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි වරප්‍රසාද කඩවීමක් ඉදිරිපත් වී නෑ. ඇමැතිවරයෙක් විධායකයෙන් මරණ තර්ජන ඇති බව කීම බරපතළ තත්ත්වයක්. මේ ගැන රොෂාන් රණසිංහ මන්ත්‍රීගේ ජීවිත ආරක්ෂාව ඇතිකිරීම කථානායකගේ හා අගමැතිගේ වගකීමක්.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත

රාජ්‍ය සේවයේ නිලධාරින් ඉහළ සිට පහළට නිරෝගීව තැබිය යුතුයි. එතන ලෙඩ වුණොත් රටම ලෙඩ වෙනවා. ග්‍රාම නිලධාරීන්ගෙන් අද ඉන්නේ 11203 යි. පුරප්පාඩු රැසක් තියෙනවා. 2238 ක් අලුතෙන් පුරප්පාඩු පිරවීමට සැලසුම් කර තියෙනවා. ඔවුන්ගේ දීමනා වැඩි විය යුතුයි. රෙජිස්ට්‍රාර්වරුන් ඉතා අසරණ වෙලා. ගෙවන දීමනා වැඩි විය යුතුයි. වෘත්තීය ගරුත්වය රැකෙන පරිදි ක්‍රියා කළ යුතුයි.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment