නැතිවූ හැඳුනුම්පත් ගැන පොලිසියෙන් නිවේදනයක්

193

නැතිවූ හැඳුනුම්පත් සඳහා පොලිස් වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ පොලිස් වාර්තා නිකුත් කිරීමේදී පොලිස් ස්ථානයන් මගින් අවිධිමත්ව කටයුතු කරන බවට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කළ දැනුවත් කිරීමක් අනුවය.

හැඳුනුම්පත් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානයන් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පුද්ගලයින් වෙත වැරදි උපදෙස් ලබාදෙන බවට නිරීක්ෂණය වන බවයි පොලිස්පතිවරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ.

හැඳුනුම්පත් අස්ථානගත වූ පුද්ගලයන් පදිංචි ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානයෙන්ම පොලිස් වාර්තාව ලබාගත යුතු බවල හැඳුනුම්පත් අස්ථානගත වූ දින සිට දින 14 කට පසුව හැඳුනුම්පත් නොලැබුනේ නම් පමණක් පොලිස් ස්ථානය වෙත වාර්තා කළ යුතු බවය.

පොලිස් වාර්තාව නිකුත් කිරීම සඳහා අදාළ තැනැත්තා පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් පදිංචිය පිළිබඳ සහතිකයක් අවශ්‍ය බවට එළෙස වැරදි උපදෙස් ලබාදෙන බවයි අදාළ චක්‍රලේඛයේ දක්වා ඇත.

ඒ අනුව මින් ඉදිරියට හැඳුනුම්පත් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොලිස් වාර්තා ලබාගැනීම සඳහා පැමිණිලි කිරීමට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු කරනු ලබන පැමිණිල්ලක් එම හැඳුනුම්පත අස්ථානගතවූ බවට සඳහන් කරන ස්ථානයට ආසන්නතම පොලිස් ස්ථානයේ සටහන් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment