නැති බැරි තැනට යමක් දුන්නාම සමහරුන්ට එය ජාතික අපරාධයක්: සාපරාධි ක්‍රියාවක්

1

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාවතගමදී කියයි

තමා සම්පත් බෙදනවා කියා තමාට බනින පිරිසක් සහ නිර්ධය ලෙස විවේචනය කරන පිරිසක් සිටින බවත් මොවුන් ⁣නැති තැනට සම්පත් ලබාදීම ජාතික අපරාධයක් සාපරාධි ක්‍රියාවක් මංකොල්ලකෑමක් ලෙස අර්ථකථනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය හැර සෙසු පක්ෂ සියල්ල එකට එකතු වී සක්වල හා හුස්ම නිර්ධය ලෙස විවේචනය කරන බවත් මේවා විවේචනය කරන්නේ වැඩ බැරි කයිවාරුකාරයෝ බවත් ගැරඩියන්ට භූමිතෙල් දැමූ පසු දඟල දඟල සිටින බවත් මෙයට හේතුව ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විපක්ෂයක් රාජ්‍ය බලයක් නොමැතිව වැඩ කිරීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නැති බැරි තැනට යමක් දුන්නාම සමහරුන්ට එය ජාතික අපරාධයක්: සාපරාධි ක්‍රියාවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය(22)දා කුරුණෑගල මාවතගම ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 250 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී පාසලේ නර්තන කණ්ඩායමට සහ නෙට්බෝල් කණ්ඩායමේ අඩුපාඩු සපයා ගැනීමට රු. ලක්ෂ 2 මුදලක්ද පරිත්‍යාග කළේය.

මනුෂ්‍යත්වයක් ඇති අයෙක් මානුෂීය ගුණාංග ඇති අයෙක් බංකොලොත් රටේ මේවා බෙදන එකට විරුද්ධ නැති බවත් බංකොලොත් රටේ අපි සැවොම ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයෙන් තොරව රටටත් ජනතාවටත් පිහිට විය යුතු බවත් මේ සියලු‍ විවේචනය දේශපාලන ඩීල් හරහා ක්‍රියාත්මක බවත් තමා ඇතුළු තමාගේ කණ්ඩායම නම් මේ ඩීල්වල නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයට ඇත්තේ ලක්ෂ 220 ජනතාවට සමග සමාජ ගිවිසුමක් බවත් තමා ළඟ කෙටි පාරෙන් ජනාධිපතිකම් අගමැතිකම් ඇමතිකම් ලබා ගන්නා ඩීල් නොමැති බවත් එය සමගි ජන බලවේගයටත් නොමැති බවත් ඇති එකම ගිවිසුම වන්නේ රට ගොඩනගන සමාජ ගිවිසුම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට දේශපාලන සමයේ ඩීල් යන බවත් මේ ඩීල් ගහන අය පාසල්වල ඇති අඩුපාඩු නොසොයන බවත් සමගි ජන බලවේගය මේ අඩුපාඩු සොයා කටයුතු කරන බවත් සමගි ජන බලවේග රජයක් තුළ සුබවාදී නිර්මල චින්තනය හිතේ දරාගෙන අධ්‍යාපනයේ සාධනීය වෙනසක් ඇති කිරීමට යන බවත් ඒවා කරද්දි දෙමාපියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් දරුවන් පාරට බැස්ස විය හැකි බැවින් මේ ගැනත් අවධනය යොමු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නිදහස් අධ්‍යාපනය දියුණුවනවාට විරුද්ධ වන්නේ පෞද්ගලික පාසල්වලට යන දරුවන් සිටින කුහකයෝ බවත් මොවුන් රූපවාහිනිය ඉදිරියේ කොපමණ විවේචන කළත් මේ වැඩසටහන් නතර නොකරන බවත් බැටළුහම පොරවා ගත් වෘර්කයන්ගේ නාදයට මේ වැඩසටහන් නතර නොකරන බවත් ඒ සියලු‍ ගැරහීම් වාසියක් කරගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment