ජීවත්වීමට සුදුසු නිවසක් තැනීම පහසු නැත .එයට විශාල වශයෙන් මහන්සි වීම මෙන්ම වාස්තු විද්‍යානුකූලව ද නිවස තැනීමෙන් එම නිවසේ ජීවත් වීමට හැකියාව ලැබේ. නිවස සෑදීමට පෙර ඉඩමක් තෝරා ගැනීමේදි නිවැසියන් බොහෝ දේ කල්පනා කළ යුතුය. ඉඩම පිහිටා ඇති ස්ථානය එහි අවට පරිසරය, ඉඩමේ හැඩය, මේ සියල්ල බැලීම ඉතා යහපත් වනු ඇත. සුදුසු ඉඩමක් තෝරා ගැනීමේදී ඉඩමේ හැඩය සම්බන්ධයෙන් පහත කරුණු සැලකිල්ලට ගත යුතුය.
● ඉඩමේ හැඩය හතරැස් ඉඩමක් විය යුතුය.
හතරැස් ඉඩම් වලින් සෞභාග්‍ය හා යහපත් ප්‍රතිඵල ලැබේ.
● හතරැස් හෝ සෘජුකෝණාස්‍ර ඉඩම්වල උතුරු දකුණු නැගෙනහිර බටහිර දිශා ගතවීම යහපති
● ත්‍රිකෝණාකාර,රවුම්, කොන් පහක් හෝ හයක්, බහු අස්තාකාර ඉඩම් සුදුසු නැත.
● ඉඩම තෝරා ගන්නා විට එහි පිහිටීම වටපිටාව පරිසරය යනාදී පිළිබඳව සැලකිලිමත් විය යුතුය
ඉහත කරුණු හතර ගැන ඉඩම තෝරා ගැනීමේදී ඉතාමත් හොඳින් පරීක්ෂා කර ගැනීම යහපත් වනු ඇත.
ඉඩමක දකුණට සිට බටහිරට හෝ දකුණු පැත්තේ සිට උතුරට බෑවුම් නම් යහපති.
නැගෙනහිර පැත්ත උසනම් දරුඵල අඩුවිය හැක, එම නිසා නැගෙනහිර දිශාව පහත්වීම යහපති, මෙයට හේතුව නැගෙනහිර දිශාව සෞභාග්‍ය, දීර්ඝායුෂ හා ප්‍රසිද්ධිය ලබාදෙන දිශාවක් වීමයි.
දකුණු දිශාව උස නම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හා සෞභාග්‍ය ඇති කරයි . එමෙන්ම දකුණු දිශාව පහත් නම් දුගී බව සහ ලෙඩ දුක් ඇති කරයි.
බටහිර උස නම් ප්‍රසිද්ධිය හා දරුඵල ලැබෙන අතර බටහිර දිශාව බෑවුම නම් දරුඵල නැතිව ධනය නොමැති ස්වාභාවයක් ඇතිවිය හැක.
තවද ඉඩමක පහත්ම දිශාව ඊසාන විය යුතුය. වයඹ දිශාව ඊසාන ඊසානයට වඩා මදක් උසින් වැඩි විය යුතු අතර නිරිත දිශාව ඊසානයට වඩා උස විය යුතුය. නිරිත දිශාව ඊසාන දිශාවට වඩා උස වැඩිවීම යහපත් නොවන අතර නරිත දිශාවට වඩා ගිනිකොණ දිශාව උසින් අඩු නම් ධනය ලැබේ. ඉඩමේ වයඹ දිශාව ඊසානයට වඩා පහත් නම් හදිසි අනතුරු ඇති විය හැක.
තවද අපරාධ සිදුවීමේ සිතුවිලි ඇති විය හැක. ඉඩමේ නිරිත දිග උසින් වැඩිනම් සෑම දිනකම ජයග්‍රහණ හා දියුණුව ලැබේ. නිරිත දිශාව පහත් නම් දීර්ඝ කාලීන ලෙඩ රෝග අකල් මරණ ආදිය ඇතිවිය හැක. ඊසාන දිශාවට වඩා වයඹ දිශාව උසින් වැඩි නම් ජයසැප හා සතුට ගෙන ගෙන දේ එහෙත් එය නිරිතට හෝ ගිනිකොනට දිශාවට වඩා උසින් අඩු විය යුතුය. වයඹ දිශාව ඊසානයට වඩා උසින් අඩු නම් ලෙඩ රෝග දුක සන්තාපය ඇති විය හැක.
● ඉඩමත් තෝරා ගැනීමට බටහිර සහ දකුණට කඳු හෝ ගොඩනැගිලි සහිත ඉඩමක් තෝරා ගන්නේ නම් වඩා යහපත්ය.
පාරවල් නැගෙනහිරින් පාරක් තිබේනම්. ඒ ඉඩමට වඩා පහලින් හෝ ඉඩමට සමසේ තිබිය යුතුවේ.
උතුරු දෙසින් පාරක් තිබේනම් පහළින් හෝ සමානව තිබිය යුතුය, එසේම ඉඩමට වඩා ඉහළින් තිබීම සුදුසු නැත. බටහිරින් පාරක් ඇත්නම් ඒ ඉඩමට වඩා උසින් හෝ සමව තිබිය යුතුය. එහෙත් එම පාර ඉඩමට පහළින් නොතිබිය යුතුය. දකුණින් පාරක් ඇත්නම් ඉඩමට වඩා ඉහළ මට්ටමකින් තිබිය යුතුය. ඉඩමට වඩා පහළින් නොතිබිය යුතුය.
නැගෙනහිරින් හෝ උතුරේ ගඟක් හෝ ජල මාර්ගයක් ඇත්නම් එහි ජලය බටහිර දිශාවේ සිට නැගෙනහිරට හෝ දකුණේ සිට උතුරට ගලා යන්නේ නම් යහපත්ය. ඉඩමක පහළින් උතුර හා දකුණු දිශාවෙන් වැව් හෝ කාණු ඇත්නම් එය ද යහපත්ය. ඉඩම වටේට පැති හතරම පාරවල් ඇත්නම් ඒ ඉතාමත් යහපත් ඉඩමකි. දකුණින් හැර අනෙකුත් දිශා තුනෙන් පාරවල් තිබේ නම් ඒ ද යහපත්ය .උතුරු හා නැගෙනහිර පැතිවලින් පාරවල් තිබේ තිබේ තිබේ නම් ඒ ද යහපත් වනු ඇත.
ඉහත කියවු සියල්ල අනිවාර්යෙන්ම සැලකිල්ලට ගෙන ඉඩමක් තෝරා ගැනීම යහපත් වනු ඇත .නැතිනම් සුදුසු නැති ඉඩම තෝරා ගෙන නිවස සෑදීමෙන් නිකරුනේ ජීවිත විනාශ වීම ධන හානි, නිදන්ගත රෝග දරුවන්ගේ අධ්‍යාපනය, විවාහය කටයුතුවල වන පසුබෑම සිදු වනු ඇත.
L.A. ප්‍රියදර්ශන ජෝතිමුණි
NCED,NCT (Civil)
ආසිරි නිවාස සැලසුම්,
අධිවේගී මාර්ග මාතර පිවිසුම අසල, බණ්ඩාරගම
071 188 9096