නිවසේ ජීව ගුණය විනාශ වීම

133

දවසකට, දෙකකට, මාසයකට, වර්ෂයකට පෙනෙන අයුරින් විපාකයන් නොතිබුණත් මේවායේ අශුභතාවයන් කෙදිනක හෝ අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. එසේ වන්නේ නිවසේ ජීව ගුණය අඩු වී එම අඩු වූ ජීව ගුණය මනුෂ්‍ය ශරීරයේ ඕරාව වෙතට ඇදී එන අශුභ සංඛ්‍යාතයන්, ශක්තීන්වලින් ශක්ති ශරීරය හෙවත් මනුෂ්‍ය ඕරාව දුර්වල වීම මතයි. අන්න ඒ දවසට නිවසක එල්ලා තිබෙන පින්තූරයෙන් පවා එන අශුභ ශක්තීන්ට මේ විනාශ වුණ ජෛව ශක්තීන් හිමි නිවසින්ට අනුකම්පාවක් ලබාගැනීමට නොහැකි වේවි.

අප ආහාරයට ගන්නා දේ ගුණාත්මක, සෞඛ්‍යාරක්ෂිත නොවන විටදී අප හට නොයෙක් ලෙඩරෝග, ආසාදන තත්ත්වයන් මතු වේ. මනුෂ්‍යයකුගේ ජීවය ගුණාත්මකව සමබරව පවත්වාගෙන යෑමට නම් ඔහු පරිභෝජනය කරන ආහාර රසායනික ද්‍රව්‍යයන්ගෙන් පිරි මනුෂ්‍ය ශරීරයට අහිතකර නොවිය යුතුය. ඒ වගේම තමයි අප ජීවත්වන අපගේ නිවහන නමැති ජීවියාගේ පැවැත්ම හා ජීව ගුණය නිසි ලෙස පැවතීමට නම් නිවස ලෙඩ නොවී අපිරිසිදු නොවී විෂ නොවී පැවතිය යුතුයි. එසේ නිවසට හානි සිදුවීමෙන් නිවසේ ජෛව ගුණය පිරිහේ. එවිට එය පෙරළා නිවැසියන්ට පීඩා ගෙන දේ.

නිවසේ අන්ධකාරය

නිවසට ප්‍රධාන ද්වාරයෙන් ඇතුළු වෙද්දිම අඳුරු බවක් දිගු කාලීනව පැවතීම තුළින් එම නිවසේ අන්ධක දෝෂය හටගනී. ජනෙල් අඩුවීම, තිබෙන ජනෙල් පවා විවෘතව නොතිබීම, නිවස අවට විශාල ගස් කොළන් හා මල්වැල්, පලතුරු වැල් වහලය අසලටම පැවතීම තුළින් හා දොර ජනෙල් අවහිර වන ආකාරයට ගරාජ්, මඩු, කඩකාමර වැනි දෑ ඉදිකිරීම නිසා නිවස ඇතුළත ආලෝකය නොමැතිවීම නිසා එම නිවෙසේ ජීව ගුණය දිනෙන් දින පරිහානියට පත්වේ. ජීව ගුණය නොමැතිවිට එම ගෙදරින් ලැබෙන්නේ ශුභ ශක්තීන් නොව අශුභ ශක්තීන් පමණි. අශුභ ශක්තීන් ඇති නිවස තුළ මනුෂ්‍ය වාසයට අහිතකර ප්‍රතිඵල ලබාදේ. ධනය හානි වේ. ධන ඉපැයුමට බාධා වේ. රෝගී තත්ත්වයන් වර්ධනය වේ. නිවසේ අසමඟිය ඇති වේ.

අධිබල විදුලි රැහැන්, විදුලි සංඥා කුලුනු අසල නිවාස ඉදිකිරීම.

සමහර අය තමන්ගේ නිවස ඉදිකිරීම සඳහා අධිබල විදුලි රැහැන් ගමන් කරන භූමි මිලයට ගනී. මෙම ඉඩම් අඩු මිලට මිලදී ගැනීමට හැකිය. ලැබෙන වාසිය ගැන සිතා මෙවැනි භූමි මිලයට ගෙන නිවාස ඉදිකරයි. සමහර නිවාසවල වහලයට උඩින් මෙම අධිබල විදුලි රැහැන් ගමන් කරයි. තවත් සමහර අය තම භූමියේ නිවස අසල සමහර වෙළෙඳ ආයතන පවත්වාගෙන යන මහල් ගොඩනැඟිලි උඩ විදුලි සංදේශ කලුනු සවිකිරීමට ඉඩදෙන්නේ එයින් මාසිකව ලොකු ආදායමක් ලබාගැනීමේ අරමුණින්ය. මෙම විදුලි සංදේශ කලුනු හා අධිබල විදුලි රැහැන් තම නිවස උඩින් හා නිවස පවතින භූමියේ පැවතීම නිසා එම නිවසේ ජීවත්වන අයගේ බොහෝ විපර්යාස ඇති වේ. නිවසට මෙලෙස අධිබල තරංග සම්ප්‍රේෂණය නිසා නිවසේ චුම්භක ශක්තිය ඉහළ යෑමෙන් එම නිවසේ ජීව ගුණය විනාශයට ලක්වේ. නිවසෙහි ජීව ගුණය විනාශ වීම නිසා එම නිවසේ ජීවත්වන අයගේ මානසික ආතතිය, අධික හිසරදය, සුවනොවන ආකාරයේ ලෙඩ රෝග, ධන පිරිහීම, කාන්තාවන්ගේ ගබ්සා වීම්, නිවසේ අසමඟිය, බලාපොරොත්තු බිඳ වැටීම්, දිනෙන් දින පිරිහීම යන කරුණු එහි ප්‍රතිඵල වශයෙන් නිවැසියන්ට අත්වේ.

නිවසේ වහලය අකර්මණ්‍ය වීමෙන්

නිවසේ වහලය ක්‍රමවත්ව ජලය නොබැසීම, පීලි ඉතිරීම, උළු බිඳී සිවිලිමට ජලය ගලා ඒම, වහලයේ ලී දිරා ජල කාන්දු වීම යන හේතුන් මත එම නිවසේ බිත්තිවලට ජලය වැටීමෙන් හා වෙනත් මාර්ගවලින් බිත්ති තෙමීම නිසා බිත්ති මත දිලීර ඇතිවීම හෙවත් දියසෙවල එම නිවසේ ජීව ගුණය විනාශ කරන ප්‍රධානතම සාධකයකි. නිවසේ බිත්ති මත මෙලෙස පුස්, දියසෙවල බැඳීම නිසා එම නිවස අක්‍රිය වේ. ජීව ගුණය පිරිහේ. එලෙස සිදුවීමෙන් නිවැසියන්ට ද අහිතකර ප්‍රතිඵල හා සියලු කාර්යන් අසාර්ථක වීම් සිදුවනු ඇත.

  1. භූ විෂමතාවයන්ට සරිලන ආකාරයට නිවාස ඉදි නොකිරීම.

නිතරම ජලයට යටවෙන, උල්දිය දමන, පහත් බිම්වල නිවාස ඉදිකිරීමේදී අත්තිවාරම උස්ව පවතින ආකාරයට ඉදිකිරීම, බිම පස් දමා නිසි ලෙස ගොඩ නොකර නිවාස ඉදිකිරීම තුළින් වැසි ජලය, අත්තිවාරම තුළින් නිවසට නිතර නිතර දැමීම සිදුවීමෙන් එම නිවසේ ජෛව ගුණය පිරිහෙනු ඇත. ඒ වගේම විශ්වයේ බලගතුම පංච ශක්තීන්ගෙන් එකක් වන ආපෝ හෙවත් ජල ධාතුව අපිරිසිදු ලෙසින් ප්‍රයෝජනයට ගැනීම, එම ජලය සහිත ළිඳ පිරිසිදුව තබා නොගැනීම, ජලයට රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම එම ජලය නිවසේ කටයුතුවලට යොදාගැනීමත් එම නිවසේ ජීව ගුණය විනාශ කරගන්නා ක්‍රියාවලියකි.

නිවස ඉදිකිරීමට ගන්නා අමුද්‍රව්‍ය.

සමහර කොන්ත්‍රාත්කරුවෝ නිවසේ කපරාරුව සඳහා සොහොන් පිට්ටනිවල ද වැලි කපා ප්‍රවාහනය කරයි. වහලයට දැමීමට ගන්නා පොල් ලී අකුණු ගසා විනාශ වුණ පොල්ගස් ද, පිලිස්සීමට ලක්වූ දැව වර්ග ද නිවාස ඉදිකිරීම සඳහා අලෙවි කෙරේ. ගම්බද ඉපදුණ අයෙක් වශයෙන් මම මේවා දැක තිබෙන්නේ පොඩි කාලයේ සිටය. බොහෝ ඈත නගරවලට ප්‍රවාහනය කරන්නේ නිවාස ඉදිකිරීමට මෙවැනි අමුද්‍රව්‍යයන්ය. මේවා කිසිත් නොදන්නා අය විසින් ඉහළ මිලකට ලබාගෙන පරම්පරා ගාණක් ජීවත් වෙන්න සිතා ඉදිකරන නිවසට එක්කරගනී. මෙවැනි අමුද්‍රව්‍ය නිසා ඉදිකරන නිවසේ ජීව ගුණය විනාශයට පත්වේ.

  1. නිවසේ සෝපා, තිර රෙදි අපිරිසිදුව පැවතීම.

බොහෝ නිවාසවල සෝපා සැටි මත නිවසේ ඇති කරන සුරතලුන් ලැගුම් ගනී. ඒ මත නොදැනුවත්ම මුත්‍රා කරයි. බළලුන්ගේ හා සුනඛයන්ගේ ලෝම මුළු නිවස පුරා ගැලවී පැතිරේ. සමහර වේලාවට මෙම සතුන් දඩයම් කරන කුඩා සතුන්ගේ කොටස් නිවසේ සැටිවල කොටස් ඉතිරිව ගඳ ගසයි. විසබීජ පිරේ. මේ සතුන් නිවාස ඇතුළත ලැගුම් ගැනීමෙන් එම නිවසේ ජෛව ගුණාත්මක භාවය පිරිහේ. අපිරිසිදු වේ. දේව ආකර්ෂණය පවා නොලැබේ. මේ සියලු දෙයට අමතරව ප්‍රායෝගිකව නිවැසියන් ලෙඩ රෝගවලට භාජනය වේ. කුඩා දරුවන් සිටින විට මේ තත්ත්වය උත්සන්න වේ. දරුවන් රෝගී තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය ඉහළ දමනු ඇත.

නිවසේ අවට ගේට්ටුවල ආලේපනය කර ඇති වර්ණ.

නිවස පිටත, ඇතුළත වගේම දැව උළුවහු, දොරවල්, ජනෙල්, ජනෙල් පියන්, යකඩ ග්‍රීල්, ග්‍රීල් ගේට්ටු, ප්‍රධාන ගේට්ටුව, තාප්පය ආදියේ දිශාවන්ට අනුකූල නොවන අයුරින් වර්ණ භාවිතය, උදාහරණ වශයෙන්, උතුර ප්‍රදේශය මගින් නිවසකට ආපෝ හෙවත් ජල ධාතුව නියෝජනය වේ. මේ උතුරු දිශාවට ගැළපෙන වර්ණය වන්නේ නිල් පාට වුවද ඒ ගැන තැකීමක් නොකර තේජෝ දිශාව ක්‍රියාත්මක වන දකුණු දිශාවේ වර්ණය රතු පාට, තැඹිලි පාට භාවිතා කරමින් නිවසෙහි උතුරු දිශාවේ නිවසෙහි හෝ නිවසට වෙන්ව පවතින ගොඩනැඟිල්ලක, ගරාජයක හෝ ප්‍රධාන ගේට්ටුව තාප්පයට හෝ රතු වර්ණය භාවිතා කර ඇත්නම් උතුරු දිශාවේ ශක්තීන්ගේ විපරිතතාවයක් හටගනී. සමහර අවස්ථාවලදී මේවාට කළු වර්ණය භාවිතය කරයි. නිවසක කිසිම දෙයකට කළු වර්ණය භාවිතාව අශුභ වන අතර එසේ භාවිතා කිරීමෙන් ටයිල්, මුළුතැන්ගෙයි සින්ක් එක තබන කොන්ක්‍රීට් ලෑල්ල මත හෝ කළු වර්ණ ටයිල් භාවිතය නුසුදුසු වන අතර මේ නිසා නිවසේ ජීව ගුණය පිරිහීමට ලක්වනු ඇත.

නිරිත දිශාවේ බිත්තිය මත ලී, යකඩ, විදුලි උපකරණ කොටස් හේත්තු කර තැබීම

වයඹ දිශාවේ මුළුතැන්ගෙය පවතින නිවාසවල නිරිත දිශාවේ නිවසේ බිත්තියට හේත්තු වන පරිදි දර, පොල්පිති, යකඩ බට, වයි ඇන්ටෙනා හේත්තු කර තැබීම, අක්‍රිය රූපවාහිනී, පරිගණක වැනි විiුත් මෙවලම් නිරිත දිශාවේ ගෙයි බිත්තිය අයිනේ හේත්තු කර තැබීමත් සුනඛයන්ගේ, පරෙවියන්ගේ, කූඩු නිරිත දිශාවේ පැවතීමත් නිසා එම නිවසෙහි ජීව ගුණය පිරිහීමට ලක්වනු ඇත.

නිවසේ පිට හා ඇතුළත දිරාගිය දැව කඳන්, මුල් වර්ග තැබීම

ගංගාවල ඇළ මාර්ගවල පාවෙමින් කාලන්තරයක් පැවති ගස්මුල්, මුල සහිතව ගස්, බෙන සහිත ගස් මේ දැව වෙයි. වතුර මත පැවත අලංකාරව පොලිෂ් කළා මෙන් පවතී. බොහෝ දෙනෙකු මේවා ගොඩට ගෙන තීන්ත ආලේප කර නිවස ඇතුළත හා පිටත තබයි. සමහරු කරත්ත රෝදය ද නිවසෙහි එල්ලයි. බොහෝ ආපන ශාලාවල බිත්තියට අල්ලා පවතී. මේ සියලු දේ එම නිවස, ව්‍යාපාර ස්ථානයෙහි ජීව ගුණය විනාශ කිරීමට හේතු දේ. මේ ආකාරයට නිවසක ජෛව ගුණය විනාශ කරන සමහරක් දේ සම්බන්ධවයි ඔබ දැනුවත් කළේ. ඒ වගේම හොඳට මතක තියාගන්න බොහෝ අය කියය, මේවා බොරු අපේ ගෙදර දැන් අවුරුදු ගාණක සිට තියෙන්නේ කෝ මොකද වුණේ කියලා? මේවා දවසකට, දෙකකට, මාසයකට, වර්ෂයකට පෙනෙන අයුරින් විපාකයන් නොතිබුණත් මේවායේ අශුභතාවයන් කෙදිනක හෝ අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. එසේ වන්නේ නිවසේ ජීව ගුණය අඩු වී එම අඩු වූ ජීව ගුණය මනුෂ්‍ය ශරීරයේ ඕරාව වෙතට ඇදී එන අශුභ සංඛ්‍යාතයන්, ශක්තීන්වලින් ශක්ති ශරීරය හෙවත් මනුෂ්‍ය ඕරාව දුර්වල වීම මතයි. අන්න ඒ දවසට නිවසක එල්ලා තිබෙන පින්තූරයෙන් පවා එන අශුභ ශක්තීන්ට මේ විනාශ වුණ ජෛව ශක්තීන් හිමි නිවසින්ට අනුකම්පාවක් ලබාගැනීමට නොහැකි වේවි.

නිවසේ ජීව ගුණය විනාශ වීම

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.


advertistmentadvertistment