නිව්යෝර්ක් පොලිස්, වෙඩි පහරින් දරුවෙක් මරුට

1

ප්‍රශ්න කරමින් සිටියදී පොලිස් ග්‍රහණයෙන් මිදී පලා ගිය තුවක්කුවක ආකෘතියක් අතැතිව සිටි 13 හැවිරිදි පිරිමි ළමයෙකු නිව්යෝර්ක් පොලිසියේ පොලිස් නිලධාරියෙකු විසින් තැබූ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති නියා මිවේ නමැති අදාළ පිරිමි ළමයා තවත් 13 හැවිරිදි සිය යහළුවෙකු සමග මෑතකදී සිදු වු සොරකම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටින සැකකරුවන්ගේ තොරතුරු ගලපමින් සිටියදී ඉකුත් සිකුරාදා පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ. එහිදී මිවේ හදිසියේ පලා යෑම හේතුවෙන් ඔහුව ලුහුබැඳ ගිය නිව්යෝර්ක් පොලිසියේ පොලිස් නිලධාරින් ඔහු ළඟ තුවක්කුවක් තිබෙනවා දැක වෙඩි තබා ඇති බවත් පසුව මියගිය අය සතුව තිබී ඇත්තේ තුවක්කුවක ආකෘතියක් බව හෙළි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment