ජන්මියකුගේ ග්‍රහ පිහිටීම අනුව දරුපල

560

යෝගයක් කිව්වේ එකකට තව එකක් මිශ්‍ර වීමක් කියන එක. ශරීරයේ කිසියම් කොටසක, කිසියම් කොටසක් පරීක්ෂා කළාම ඉදිරි කාලයේදී හැදෙන රෝගයක් හෝ රෝග ගැන දියුණු වෛද්‍ය විද්‍යාවෙන් කියනවා. ජන්මියකුගේ නියම ග්‍රහ පිහිටීම් ඇති කේන්දරයක් ග්‍රහයෝ පිහිටීම පරීක්ෂා කළාම ඉදිරියේදී සිදුවන සැපත, සතුට හෝ අයහපත, අසතුට, විපත ගැන ජ්‍යොතිෂයෙන් කියනවා. ශරීරයේ කොටස් අල්ලන්නෙවත් නැතුව මෙතරම් උතුම් විද්‍යාවකට අද තිබෙන තැන ගැන කනගාටුයි. සමහර ජ්‍යොතිර්වේදීන් මේ විද්‍යාව විකුණාගෙන කන හොර ජ්‍යොතිෂකාරයන් නිසා වෙන්න ඇති ද මම දන්නෙ නැහැ.

කෙනෙක් ඉපදුන විට බලන්න ඕනෑ පරීක්ෂා කරන්න ඕනෑ බාලාරිශ්ඨ යෝග ගැන. ඒ කිව්වේ ලෙඩ දුක්, ආයුෂ ගැන. ඊට පස්සේ ශිල්ප යෝග, තරුණ වයසට පැමිණියාම ජීවිතය එකට ගැටගසා ගෙන යන විවාහය ගැන හොඳින් දැනගන්න ඕනෑ. මෙතැන වැරදුනොත් ඉවරයටම ඉවරයි. විවාහ ප්‍රේක්ෂක දෙපාර්ශ්වයම නිවැරදිව දැනගන්න ඕනෑ, මේ විවාහ යෝග ගැන. යශෝධරා – සිද්ධාර්ථ, සාලිය – අශෝකමාලා වන්ට ඕනෑ. දස්කොන් – ප්‍රමිලා වගේ වන්ට බැහැ. පටාචාරා හතර වරක්ම විවාහ වෙලත් ජීවිතය වැරදුණා. මේ විදියට ජීවිතය වරදින්නෙ ඇයි. වර්තමානයේ විවාහ වනවට වඩා වේගයෙන් වෙන්වනවනේ. මොකද ජන්ම පත්‍ර පරීක්ෂා කළේ නැද්ද? පරීක්ෂා කරලා ජ්‍යොතිර් මාමාට අහු වුණේ නැද්ද? ජ්‍යොතිර් මාමාගේ බෝඩ් එක විශාල වුණාට බැහැ. දැනීම ලොකු වන්න ඕනෑ. විවාහය දීර්ඝව පවතින්නෙ සරාගී සහ නවාංශක යෝග මත. ඇස් දෙක පුංචි කරලා කැටයම් කතාවට වාල් වෙලා විවාහ වුණාට කලින් කේන්දරය බලන්න ඕනෑ. විවාහ වෙලා වසර 5 යි. අපේ දුවට තාම දරුවෙක් නැහැ. දරුවෙක් හදාගන්න බෑනට කිසිම ඕනෑකමකුත් නැහැ. අවශ්‍ය කරන්නේ මත්පැන් බොන එකයි. එයාට ඕන කරන්නේ දවස පුරාම මොකක් හරි කරලා කීයක් හරි හොයල බොන්නයි, නිදියගන්නයි. නෝන ගැන කිසිම වුවමනාවක් නැහැ. දරුවෙක් හදාගන්න නම් කිසිම ඕනෑකමක් නැහැ. මේ එක පාර්ශ්වයකින් එන අඳෝනාවක්. බඳින්න කලින් දෙදෙනාගේ පොරොන්දම් බලනකොට 80% ක් හොඳයි කිව්වා. ලකුණු නම් හොඳයි තමයි. ඒත් පිරිමි කේන්දරයේ 12 වැනි රාශිය හතුරු වෙලා. රාහු ග්‍රහයා නීච නම්, අඟහරුවන් නපුරට නම් ඉන්නෙ ඒ කේන්ද්‍ර හිමියා මත්වතුර නාන කෙනෙක් බව දැන හිටියේ නැද්ද? කවුරුවත් කිව්වෙවත් නැද්ද? එහෙනම් අද දැනගන්නනකෝ එච්චරත් නොවේ මත්පැන් නාන අය ගැන තව තිබෙනවා.

“හිරු සඳු ඒ දෙදෙනා සමගින් එක්වුණ – සෙනසුරු තොරව ද සුබ ග්‍රහ දැක්මෙන – කෙදුරෙයි හිටියොත් ඒ යෝගෙ උපන් දන – සුරපැන් පානෙහි යෙදු මැති අය වෙන” …. මේ නවාංශක යෝග. මේ අයට විවාහය හෝ දරුවන් හදන්න ඕනකමක් නැහැ. ඒ ශක්තියත් නැහැ. නවාංශක යෝග කියලා ලොකු වචනයෙන් කිව්වට මේවා ලිඟුව හකුළුවන යෝග. දැන් ලෙහෙසියෙන් අවබෝධ කර ගන්න හැකිනේ. එක් පාර්ශ්වයක් මේ විදියට කියන කොට තව පාර්ශ්වයක් මේ විදියට කියනවා. “අපේ දුවගෙ මංගල්ලෙ ලස්සනට ගත්තා. පෝරුවෙ තියලා තමයි කේක් කැපුවේ දැන් අවුරුදු 3 ක් වෙනවා. ඔන්න දැන් රණ්ඩු කරනවා. එයා තව කෙනෙක් තියාගෙන ඉන්නවලු. පුංචි පුතෙකුත් ඉන්නවලු. එයා වගේමයිලු” ඇත්ත තමයි ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ 8 අධිපති ලග්නෙ හෝ විවාහක ස්ථානයේ නම් ගෝචර කාලයේදී ඔබ වැන්නක් සමග අනියම් ඇසුරක් පවත්වන බව කව්වේ නැද්ද? ග්‍රහයෝ ඔබට පෙන්නුවා ගණන් ගත්තෙ නැහැ. එක දියණියක් අපොස සාමාන්‍ය පෙළ දෙවන වර ලිව්වා විතරයි ප්‍රතිඵල එන්නත් ඉස්සෙල්ල මෙන්න ගෙදරින් ගිහිල්ලා. පොලිසියේ පැමිණිල්ලකුත් දමලා. ආගිය අතක් නැහැ කියලා. කෙනේදරය පරීක්ෂා කළා 2 වැන්නාධිපති 11 වැන්නෙ නම් ලග්නාධිපති 10 වැන්නෙ නම් හෝ 2 වැන්නාධිපති 11 වැන්නෙ නම් 11 වැන්නාධිපති දෙවැන්නෙ නම් ඉක්මන් විවාහයක් සිදුවන බව මල්වර පලාඵල බලද්දි කිව්වා දැන් අමතකද? මේවා සරල කරුණු වුණත් ටිකක් පරීක්ෂාවෙන් හිටියොත් හොඳයි. ඔබට පාසල් යන දරුවො ඇතිනේ. මේකත් අහගන්නකෝ. දරුවා විභාගය කරන කාලෙට ඒ කිව්වේ අධ්‍යාපනය කරන කාලෙට තත්කාල කේන්දරයේ සිකුරු උච්ච වුණොත් හෝ දසා අන්තර් දසා හිටියොත් විරුද්ධ පාර්ශ්වය සමග ඇසුරක් පවත්වා අධ්‍යාපනය කඩා ගන්නවා. ඒ වගේම විවාහ වන කාලෙට ගුරු නැත්නම් බ්‍රහස්පති උච්ච වුණොත් හෝ දසා අන්තර් දසා ආවොත් ඒ විවාහය හෝ විවාහ යෝජනාව කඩනවා. මේ දෙදෙනාට තමයි කියන්නෙ සුරගුරු හා අසුරගුරු කියලා. මේ දෙදනා නෛසර්ගික හතුරො කියලයි ස්ලෝකයේ කියන්නේ. මේ කාලෙට “නවනාථය” යන්ත්‍රය නොදා බේරා ගන්ට බැහැ.

සරාගි හා නවාංශක යෝග තිබුණොත් විවාහයකට තෝරා ගන්ට එපා. අනික තමයි ඔය කේතා – සෙනසුරා විවාහක ස්ථානයේ දුර්වල වුණත් මිතුරු වුණත් ලිංගා අවයව හකුළුවනවා. සාමාන්‍යයෙන් කේන්දරයක 7 වැන්නේ හා 12 වැන්නේ පාපයෝ ඉන්නවා නම් පුත්‍රස්ථානයන් දුර්වල නම් එයාට විවාහ නොසෙව්වට කාරි නැහැ. තවත් පුංචි අසුබයක් කියන්නම්කෝ. ඔබ යහපත් සහකාරියක් හොයනවා නම් හොරෙන් බලන්න ඇයගේ කේන්දරයේ සිකුරුයි, අඟහරුයි ලග්නෙ හෝ 5 වැන්නෙ හෝ 7 වැන්නෙ හෝ 9 වැන්නෙ ද කියලා. එහෙනම් ඇය රෝගී කාන්තාවක්. වැඩිපුරම ඈ ජාන අමාරුකාරියක්. මේවා ඉවත් කරලා යහපත් සහකාරියක් හොයා ගන්න බලන්න ඕනෑ.

මේ විවාහය ගැන පුන පුනා කියන්නේ මේක ජිවිතයේ ප්‍රධානතම සන්ධිස්ථානය නිසා. වැරදුනොත් හදා ගන්න බැහැ. ඔබ පොරොන්දම් බලනකොට ලකුණු කීයක් වැඩි වුණත් ලිංග පොරොන්දම – යෝනි පොරොන්දම – වෘක්ෂ පොරොන්දම දුර්වල නම් දරු සම්පත් දුර්වලයි. පොරොන්දම විතරක් බලල බැහැ. නවාංශක යෝග, සරාගි යෝගත් බලන්න ඕනෑ. ඔබ විවාහ වී යහපත් දූ දරුවෝ බිහිකරන්න ඕනෑ. ගෙදර ගෘහණිය එක දවසක ශශ, චිත්‍රානි, හස්ථිනි, මෘග, පද්මිනි භාර්යා නොවිය යුතුයි.

මේ ග්‍රහ කිරණ පිහිටීම කියන්නෙ අවශ්‍ය පරිදි දේහ ශක්ති විශේෂයක් ඒකරාශි කරනවා කියන එකයි. පොරොන්දම් පමණක් බලලා විවාහය තීරණය කරන්ට ප්‍රථම, කලින් කිව් යෝග පරීක්ෂා කරන්න. මොකද ඔය යෝග වැඩ කරන බව තේරෙන්නෙ විවාහ වෙලා වසරක්වත් ගියාට පස්සෙ. එතකොට පසුතැවිලි වන්ට එපා. “කණ කොක් සුද පෙනෙන්නෙ ඉගිලී යන විටලු” අහල ඇතිනෙ. අපි දැන් ගොඩක් ලිව්වේ නරක පිහිටිම් ගැන නේ. හොඳ පිහිටිම් ගැනත් ලියන්නම්කෝ. විවාහයකට කුල කාන්තාවක් හොයනකොට හැකි තරම් ඇගේ 7 වැනි රාශියේ සුබ ග්‍රහයෝ, සුබ ග්‍රහ දෘශයි තිබුණොත් හොඳ කේන්දරයක්. අනික පාපාංශක අඩු වන තරමටම හොඳයි. මේ කවියත් කියවා තේරුම් කර ගන්න.

“සුබයන්ගේ දැකුමෙන් යෙදුමෙන් සරුව
සත හිමි සිටිය කල බලයෙන් පියකරුව
සිතු පැතු සැපත් වෙති ඕ හට නිරතුරුව
කතකුත් ලැබුම ඇත විලසින් රන් තරුව”

ඔය කිව්වේ හත හිමියා බලවත්ව යහපත්ව සිටියොත් යන බවනේ. ඒක හොඳයි. ඒත් කවදාවත්ම හත හිමියා පවිටෙක හෝ පවිටෙක්ට දෘශ්‍ය හෙළනව නම් පවිටෙක් මැද ඉන්නවා නම් ගන්ට එපා ඈ රෝගියෙක්. ඒ වගේම පසුව ලියන කවිය හැකි නම් තෝරා ගන්න. ඒක ටිකක් නපුරු එකක්.

“සත්වැන්නෙහි කුජ හෝ සෙනසුරු වේද
සත හිමියා ඉන් එකෙකුගෙ රැසේ වේද
කත ඔහුගේ ගනී සොර සැමියන් වැද්ද
නැතහොත් වෙසඟනක් වෙයි රට පරසිද්ද”

ජන්මියකුගේ ග්‍රහ පිහිටීම අනුව දරුපල

පාරම්පරික ජ්‍යොතිෂවේදී/
ගුප්ත විද්‍යාදර මීපේගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment