ඉපැරණි දාගැබක නටබුන් ඇති යාපනයේ වෙඩිඅරසන් ප්‍රදේශයේ – බෞද්ධ සිද්ධස්ථානයක් හදනවා යැයි විරෝධතාවක්

506

දාගැබේ පේෂා වළලු සහිත පාදම
යාපනය වෙඩිඅරසන් බලකොටුව ප්‍රදේශයේ බෞද්ධ නටබුන් පවතින ස්ථාන, බෞද්ධ සිද්ධස්ථාන කිරීමට සැලසුමක් ඇති බවට පවසමින් ඊට විරුද්ධව ඊයේ (29 දා) එම බලකොටුව ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත විය.

එම ස්ථානයේ ඉපැරණි දාගැබක නටබුන් පවතින අතර එය පුරාවිද්‍යා භූමියක් බවට නම්කොට තිබේ. මෙහිදී අදාළ විරෝධතාකරුවන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු එම ප්‍රදේශ ආරක්ෂා කරනු ලබන ආරක්ෂක අංශවලට එරෙහිව විරෝධතා දැක්වූ අතර විරෝධතාකරුවන් පවසා සිටින්නේ එය දෙමළ ජනතාවගේ දේපළක් බවයි.

අදාළ පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයේ ඉපැරණි දාගැබක් බව සැලකෙන සුපැහැදිලි පාදමක් හා ආරාම නටබුන් දක්නට ඇති අතර එම විරෝධය පැවති අවස්ථාවේ පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයට පොලිස් ආරක්ෂාවක්ද සපයා තිබුණි.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment