මාවතගම කන්දේ විහාරයේ ඝණ්ඨාරය හොරු ගලවලා

70

මාවතගම පුරාණ විහාරයේ (කන්ද විහාරය) අවුරුදු තුන්සියයකට වැඩි පැරණි ඝණ්ඨාරය මත් ලෝලීන් විසින් ගලවා රැගෙන ගොස් කැලයක සඟවා තිබියදී මාවතගම පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම ඝණ්ඨාරයට අයත් කිලෝ 15ක් පමණ බර වටිනා යකඩ බට්ටා මෙතෙක් සොයාගෙන නැත. මෙම ගාණ්ඨාරය මුලින්ම ගලවා ඇත්තේ එහි සවිකර තිබූ යකඩ බට්ටාය. මෙම ඝණ්ඨාරය රැගෙන යෑමට අසීරු නිසා එහි යකඩ බට්ටා මුලින්ම රැගෙන ගොස් ඇත්තේ එම ඝණ්ඨාරය කැලේ සඟවා බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. මෙය ගැලවීම සඳහා මත් ලෝලීන් දෙතුන්දෙනකු එක්වෙන්නට ඇතැයි මාවතගම පොලිසිය පවසයි. පෞරාණික වටිනාකමක් තිබෙන මෙම යෝධ ඝණ්ඨාරය සවිකර ඇත්තේ 1847 වර්ෂයේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment