ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය හෙට

212

දුම්වැටි – මද්‍යසාර නිසා දිනකට මරණ 100ක්

ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය හෙට 25 දාට යෙදී තිබේ. දුම්වැටි හා මද්‍යසාර භාවිතය නිසා රටේ දිනකට පුද්ගලයින් 100 දෙනකු අකල් මරණවලට ගොදුරු වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

මෙවැනි තත්ත්වයක් තුළ ජාත්‍යන්තර දුම්කොළ සමාගම් මේ වනවිට ගංජා ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට උපායශීලීව මුදල් යොදවන බව ප්‍රකාශ කෙරේ.

එමෙන්ම, මෙරටේ ගංජා භාවිතය ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය උත්සාහ දැරීම ඵලදායි නොවන බව ලොව ප්‍රකට ගංජා සමාගම් පාඩු ලබන ආකාරය සංඛ්‍යා දත්ත වලින්ම හෙළි වන බව එම තොරතුරු මධ්‍යස්ථානය කියයි. ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ළමා, තරුණ හා වැඩිහිටි පිරිස ගලවා ගැනීමට සියලු දෙනාගේම දායකත්වය අවශ්‍ය බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment