ඉන්ධන මිල ‘හෝ ගා’ බහී

590

යුරෝපයේ ඇති ගෑස් සංචිත ඉහළ යෑම හා චීනයේ බලශක්තිය සඳහා වන ඉල්ලුම අනපේක්ෂිත ලෙස අඩු වීම නිසා ඛනිජතෙල් මිල තවදුරටත් පහළ යෑමේ හැකියාවක් පවතින බවත් බොරතෙල් බැරලයක මිල 2026 වසර වන විට ඇමරිකානු ඩොලර් 72.7 දක්වා පහළ බසිනු ඇති බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

2023 වර්ෂයේ දී ඛනිජ තෙල් මිල සියයට 16.5කින් පහළ බසිනු ඇති බවට මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන්ව තිබුණි. එකී වාර්තාවට අනුව 2023 වර්ෂයේ දී බොරතෙල් බැරලයක අපේක්ෂිත අගය ඇමරිකානු ඩොලර් 80.5 කි. 2026 වසර වන විට එය ඇමරිකානු ඩොලර් 72.7 දක්වා පහළ බසිනු ඇති බව ද මෙම වාර්තාවේ සඳහන්ව ඇත.

කෙසේවුවද මැදපෙරදිග කලාපයේ සිදුවෙමින් පවතින යුද ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 150 දක්වා ඉහළයෑමට හැකියාවක් පවතින බවට බ්ලූම්බර්ග් ආර්ථික සඟරාව මගින් ඇස්තමේන්තු කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment