නිවුස් කියන චතූ දැන් නිළියක්…

673

සිරස ෆිල්ම් ස්ටාර් හරහා කරළියට එන චතූ රාජපක්‍ෂ ඉන් අනතුරුව ඔබ දකින්නෙ ප්‍රවෘත්ති නිවේදිකාවක් හැටියට. අද ඇය රංගන ශිල්පිනියක්. මේ දිනවල ‘බන්ධනා’ ටෙලි වෘතාන්තය හරහා ඔබ හමුවට එන චතූ සමග මීවිත මේ විදිහට කතාබහකට මුලපිරුවා.

චතූ මේ දිනවල ‘බන්ධනා’ ටෙලි නාට්‍ය හරහා දකින්න ලැබෙනවා?

‘බන්ධනා. කියන්නෙ මගේ අළුත්ම ටෙලි නිර්මාණය. මෙතනදි මට ද්විත්ව චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබෙනව. මේ අවස්ථාව මට හිමිවෙන්නෙ පළමු වතාවට.

නිවුස් කියන චතූ දැන් නිළියක්...



ප්‍රතිචාර?

මේ වන විට නාට්‍යයේ කොටස් හතක් අටක් පමණයි විකාශනය වෙලා තියෙන්නෙ. නමුත් මට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.

චරිත දෙක ගැන කතා කළොත්?

චරිත දෙක අතරින් එකක් ‘ලක්මි.. මේ මිය ගිය කෙනෙක් වගේම දඟකාර කටකාර යුවතියක්. අනෙක් චරිතය ‘බන්ධනා.. ඒක නාට්‍යයේ ප්‍රධාන චරිතය. ඇය අහිංසකයි. කාගෙවත් හිත රිදවන්න කැමති නැති කෙනෙක්. ඒ නිසාම ජීවිතයේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන චරිතයක්.

නිවුස් කියන චතූ දැන් නිළියක්...

මේ ආරාධනය කරන්නෙ කවුද?

මට මේ ආරාධනය කරන්නෙ බුද්ධිනී ජයවර්ධන මහත්මිය. මේ නාට්‍යයේ නිෂ්පාදනය වගේම තිර රචනයත් ඇයගේ.

ලැබුණු අවස්ථාව ගැන අදහස?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම නිර්මාණ බොහෝමයකට සහභාගී වුණ කෙනෙක් නෙමෙයි. සීමිත නිර්මාණ ගණනකට සහභාගී වුණ මට ප්‍රධාන නාළිකාවක ප්‍රධාන චරිතයක් හරහා ජනතාව අතරට යන්න ලැබීම ලොකු වාසනාවක් කියල හිතනව.

නිවුස් කියන චතූ දැන් නිළියක්...



‘ද ගේම්. චිත්‍රපටය ගැන කතා කළොත්?

‘ද ගේම්. චිත්‍රපටයට මට ආරාධනය කරන්නෙ සුරංග ද අල්විස් මහත්මයා. මින් පෙර එතුමාගේ ‘කිඩ්නැප්. චිත්‍රපටයටත් මගේ රංගන දායකත්වය ලබා දුන්නා. ‘ද ගේම්. මම රංගනයෙන් දායක වන තුන් වන සිනමා නිර්මාණය. සුපිරි නළු රංජන් රාමනායක මහත්මයාගේ නැගණිය විදිහට තමයි මම මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කරන්නෙ.

මේ අත්දැකීම මොන වගේද?

මෙතනදි මට ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක තමයි රංගනයේ යෙදෙන්න තිබුණෙ. රංජන් අයියත් එක්ක කාලය ගත කළ හැමතැනකදිම හොඳට හිනා වෙලා සතුටින් හිටිය. විවිධ බාධක ගැටලු මැද වසර දෙකකට ආසන්න කාලයක් පුරා චිත්‍රපටයේ රූගතකිරීම් සිදු වුණා. මේ හැමතැනකදිම රංගන ජීවිතයට විශාල අත්දැකීම් ප්‍රමාණයක් එකතුකරගන්න මට අවස්ථාව ලැබුණා.

නිවුස් කියන චතූ දැන් නිළියක්...

රංගනයට සීමාවන් තියෙනවද?

විවාහයෙන් පස්සෙ මම රඟපාන්නෙ නෑ” විදේශගත වෙලා ඉන්නෙ කියල පසුගිය කාලයේ මං ගැන බොරු ප්‍රචාර පැතිරුණා. නමුත් ඇත්තටම මේ කිසි දෙයක් නැහැ වගේම මගේ රංගන කටයුතු වලට ඔහු සීමා දාලත් නැහැ. කොහොම වුණත් මට චරිතයක් ලැබුණම ඒක මට ගැලපෙනවද නැද්ද කියල මම ම තීරණය කරල තමයි බාර ගන්නෙ.

මෙතෙක් පැමිණි ගමන ගැන කතාකළොත්?

මම මේ ගමන ආවෙ ඉතාම සෙමින්. බොහෝ දෙනෙක් මාව දන්නෙ නිවේදිකාවක් විදිහට. සිරස ආයතනයේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදිිකාව හැටියට වසර දෙකහමාරක් කටයුතු කළා. එතකොට ගොඩක් දෙනෙක් කතා කළේ නිවුස් කියන චතූ කියල. අද වන විට රංගන ශිල්පිනියක් හැටියට මම ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි.

නිවුස් කියන චතූ නිළියක් වෙනව?

ඔව්” ඒක එහෙම වුණත් නිවුස් කියන්න කලින් මම රංගන ක්‍ෂේත්‍රයේ හිටපු කෙනෙක්. සිරස ෆිල්ම් ස්ටාර් හරහා තමයි ප්‍රේක්‍ෂකයන් මා හඳුනා ගන්නෙ.

නිවේදනයට ආරාධනයක් ලැබුණොත්?

පසුගිය කාලයේ ස්වර්ණවාහිනිය මගින් පැවැත්වූ අවුරුදු උත්සව දෙකක නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. නමුත් එක චැනල් එකක වැඩකරන්න ඕන කියල හිතන්නෙ නැහැ. මොකද රංගන ශිල්පිනියක් හැටියට හැම චැනල් එකක්ම අවශ්‍ය වෙන නිසා. ඉදිරියේදී හොඳ අවස්ථාවක් ලැබුණොත් බලමු.

වෘත්තිය?

දැනට මගේ වෘත්තිය වෙන්නෙ රංගනය. ඉදිරියේදී නිවේදනයට අවස්ථාවක් ලැබුණොත් වෙනසක් වෙන්න පුළුවන්.

ගෙදරදොර කටයුතුවලට බාධා මතුවෙලා නැතිද?

ඇත්තටම ගොඩක් වෙලාවට ගෙදර වැඩකටයුතු වලට බාධා මතුවෙන අවස්ථා තියෙනව. නමුත් මට මාසයේ දවස් තිහම ෂූටින් නැහැනෙ. මේ දවස්වල ෂූටින් කෙරෙන්නෙ ‘බන්ධනා. ටෙලි නාට්‍යයේ සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ ‘සුසුම් රස්තියාදුව. යන ටෙලි නාට්‍ය දෙකේ පමණයි. ඒ දෙකටම දවස් දහයක් විතර වගේ යන්නෙ. අනෙක් දවස්වල මම සාමාන්‍ය ගෘහනියක්.

ක්‍ෂේත්‍රයේ රැඳෙන්න මොනවද අවශ්‍ය වෙන්නෙ?

රංගන ක්‍ෂේත්‍රය කියන්නෙ ඒ ගැන කැමැත්තක් දක්වන ඕනෑම කෙනකුට තමන්ගේ දක්‍ෂතා පෙන්නන්න පුළුවන් හොඳ තැනක්. හැබැයි හොඳ විදිහට ඇවිත් හොඳ විදිහට ඉන්න පුළුවන් වෙන්න ඕන සහ ඉවසීම තියෙන්න ඕන. ඒ වගේම අනෙකාට ගරුකරන්න ඉගෙනගන්න ඕන.

කැපිලි කෙටිලි?

මම මේ ගමන එන්නෙ 2016 වසරෙ ඉඳන්. මේ වන තුරු පැමිණි කාලයේදී ඕනෑ තරම් කැපිලි කෙටිලි වලට මුහුණ දීල තියෙනව. එදා චතූ රාජපක්‍ෂ කිව්වාම ලංකාවේ හැමෝම දන්නෙ නැහැනෙ. නමුත් දැන් දැන් යම් පිරිසක් මාව දන්නව. ඒ තැනට එන්න” මිනිසුන් අතරට යන්න ලොකු කට්ටක් කෑව. සමහර අයගෙ කේළාම් නිසා මට ලැබෙන්න තිබුණ චරිත පවා නැති වුණ අවස්ථා තිබුණ. අපි ඒ වගේ අභියෝග වලටත් මුහුණ දෙන්න ඕන. නැත්නම් අපි ශක්තිමත් වෙන්නෙ නැහැනෙ.

ක්‍ෂේත්‍රය අතහරින්නත් හිතුන?

ඔව් මට එහෙම හිතුන. අවුරුද්දක් විතර රංගන කටයුතු වලට සහභාගි වුණේම නැහැ. විදේශගතවෙන්න ආසාවෙන් හිටිය” ඒ ගැන හොයල බැලුව. ඒ කාලෙත් මට ආරාධනා ආව. එතනදි මට හිතුන බාධක පැමිණි පමණින් මම අතහැරල යන්න ඕන නැහැ කියල.

ඉදිරි කටයුතු?

මට මෙතෙක් ලැබුණ චරිත අතර ගැමි චරිතයක් තිබුණෙ නැහැ. මම ඉතාම කැමැත්තෙන් ඉන්නව ඒ වගේ චරිතයකට. ඒ වගේම මේ මාසෙ 20 වැනිදා ‘ද ගේම්. චිත්‍රපටය තිරගත වෙනව. මේක ත්‍රාසය” භීතිය” හාස්‍ය කැටි වුණ වෙනස් විදිහේ ලස්සන කතාවක්.



මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment