නෙදර්ලන්තයට ජය

155

2024 පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගයෙන් නේපාලය පරදා කඩුලු 6ක ජයක් වර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම (04දා) සමත් විය.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරුවේ ඩලාස් හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 19 පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 106ක් ලබා ගත් අතර නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 109ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

පන්දු යැවීමේදී ලකුණු 20කට කඩුලු 3ක් දවාගත් ටිම් ප්‍රින්ගල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ලකුණු සාරාංශය

නේපාලය පන්දුවාර 19.2ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 106යි. රෝහිත් පවුඩෙල් 35, කරන් කේසී ලකුණු 17.

පන්දු යැවීම

ටිම් ප්‍රිංග්ල් 20/3, ලොගන් වැන් 18/3,

නෙදර්ලන්තය පන්දුවාර 18.2ක් තුළ කඩුලු 4ක් දැවී ලකුණු 109යි.

මැක්ස් ඕ ඩව්ඩ් 54, වික්‍රම්ජිත් සිං 22

advertistmentadvertistment
advertistmentadvertistment