නෙස්ලේ නෙස්ටොමෝල්ට් පාපැදි අභියෝගතා කාන්තා සුපිරි තරගයේ ජය මධුමාලිට

93

ක්‍රීඩා අමාත්‍යාංශයේ මඟපෙන්වීමට අනුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය විසින් සංවිධාන කරනු ලැබූ ‘නෙස්ලේ නෙස්ටොමෝල්ට් පාපැදි අභියෝගතා තරගාවලිය’ විහාරමහා දේවී උද්‍යානයේදී පසුගියදා නිමාවට පත් විය.

නෙස්ලේ නෙස්ටොමෝල්ට් අනුග්‍රාහකත්වය යටතේ පැවැති මේ තරගාවලිය පාපැදි තරග ඉසව් 8කින් සමන්විත වූ අතර, එහිදී කිලෝමීටර් 28ක දුරකින් සමන්විත සුපිරි කාන්තා රේසිං තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා පාපැදි ක්‍රීඩා සමාජයේ මධුමාලි ප්‍රනාන්දු සමත් වූවාය. දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි ක්‍රීඩා සමාජයේ එස්.ප්‍රියදර්ශනී දිනා ගත් අතර, මඩම්පැල්ලේ සාන්ත ජේම්ස් පාපැදි ක්‍රීඩා සමාජයේ ඩබ්.ඒ.ඒ. සඳමිණි තුන්වැනි ස්ථානයට පත් විය.


advertistmentadvertistment