පලස්තීන ජනතාව සමග සිටගන්නවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

75

පලස්තීන ජනතාවට දශක ගණනවක් සිදුවූ අසාධාරණය වෙනුවෙන් ජාත,ි ආගම් භේදයකින් තොරව පලස්තීන ජනතාව සමග සිට ගන්නා බවත් මේ මෘග්ධ ප්‍රහාර හා සංහාර වහා නතර කරන ලෙස ඊශ්‍රායල් රජයට චෝදනා මුඛයෙන් අභියෝග කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මිනීමරු ආණ්ඩුවක් ලෙස ඊශ්‍රායල් රජය පලස්තීන ජනතාවගේ ජන ජීවිත සහමුලින්ම විනාශ කර ඔවුන්ගේ ජන්ම භූමිය විනාශ කර රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාව වෙනුවෙන් සිදු කරන ප්‍රහාරය හෙළා දකින බවත් එයට විරුද්ධව ලෝකයා ඉදිරියේ සිට ගන්නා බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පලස්තීනුවන් වෙනුවෙන් සහාය පළ කරමින් අද කොළඹදී පැවැති විරෝධතාවක් අතරතුරය.

වහාම සටන් විරාමයට ගොස් කුසගින්නේ බඩගින්නෙන් සිටින පලස්තීන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතු බවත් මේ මිනීමරු ක්‍රියාවලිය හෙළා දකින බවත් මේ රාජ්‍ය ත්‍රස්තවාදය හෙළා දකින බවත් පැවසීය.

පිටපිටම ඊශ්‍රායල් රජය සාකච්ඡා බැහැර කර පලස්තීනුවන්ගේ නිජබිම විනාශ කරන රාජ්‍ය ත්‍රස්තවාදය හෙළා දකින බවත් මේ මිනීමරු ත්‍රස්තවාදයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල් අගමැතිවරයාට කියා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment