පළමු දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

71

ඉන්දියා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරග 5කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ පළමු දිනය ඊයේ (26දා) ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වැඩි වාසි ගෙන දෙමින් නිමාවට පත්විය.

මෙල්බර්න්හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 311ක් ලබාගැනීමට සමත්විය.

පන්දුවට පහරදීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මානල් ලැබුෂේන් ලකුණු 72ක්, ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 68ක්, උස්මාන් ක්වාජා ලකුණු 57ක්, සෑම් කොන්ස්ටාස් ලකුණු 60ක් සහ ඇලෙක්ස් කැරී ලකුණු 31ක් ලබාගැනීමට සමත්විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ජැස්ප්‍රිට් බුම්රාහ් ලකුණු 75කට කඩුලු 3ක්, වොෂින්ටර් සුන්ඩර් ලකුණු 37කට 1 කඩුල්ලක්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 54කට 1 කඩුල්ලක් සහ ආකාශ් දීප් ලකුණු 59කට 1 කඩුල්ලක් දවාලුහ.

තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවටත්, දෙවැනි තරගයේ ජය ඔස්ට්‍රේලියාවටත් සහ තෙවැනි තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත් සිව්වැනි ළාබාලතම ටෙස්ට් ක්‍රීඩකයා වූ සෑම් කොන්ටාස් ලොව සුපිරිම පන්දු යවන්නා වන ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ඔහු නවකයකු නොවූ විලාසයෙනි. අවුරුදු තුනක කාලයකට ජස්ප්‍රිට් බුම්රා යැවූ පන්දු 4,484ට එරෙහිව කිසිදු හයේ පහරක් එල්ල කරන්නට කිසිම පිතිකරුවකු සමත් වී තිබුණේ නැත. ඒත් මෙම 19 හැවිරිදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා එම වාර්තාව බිඳ දැමුවේය.

සෑම් තම මංගල ටෙස්ට් තරගයේදී උපන් බිමේදීම ලොව සුපිරිම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වන ඉන්දියාවට එරෙහිව අර්ධ ශතකයක් ලබා ගත්තේය.

මෙම අර්ධ ශතකය එක්දින තරගයකදී මෙන් වේගවත්ව ලබා ගත්තේය. සෑම් පන්දු 65 කදී ලකුණු 60ක් රැස් කර ගත්තේ බුම්රාගේ පන්දු වාරයකට හයේ පහරවල් දෙකක් ද එල්ල කරමිනි.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment