පළාත් සභාවලට අපි එකඟයි – අනුර කුමාර

504

පළාත් සභා යනු බලය බෙදාහැරීමක් බවත් එබැවින් දැනට ක්‍රියාත්මක වන පළාත් සභාවලට තම පක්ෂයේ එකඟත්වය ඇති බව පවසන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පළාත් සභාවලින් දැනට විසඳුම් ලැබී නොමැති ක්ෂේත්‍ර ගණනාවක වෙනස්කම් සිදුකළ යුතු බව ද කියයි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් සමග යාපනයේදී පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීවේය. “පළාත් සභා පවතින ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි. මෙතැනින් එහාට යෑම සඳහා අපි සාකච්ඡාවක් ගොඩනැඟිය යුතුයි. ඒ වගේම ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍යයි. දැනට ව්‍යවස්ථාව තුළ තිබෙන බොහෝ දේවල් නීතියට පමණක් සීමාවෙලා. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට, ඉන් ඔබ්බට ක්‍රියාකාරකම් අවශ්‍යයි. ඒ තුළින් තමයි ජාතික සමගිය ස්ථාපිත කළ හැක්කේ.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment