ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව ශ්‍රී ලාංකිකයෝ 450ක් ජිනීවා යති

112

නව ප්‍රතිත්‍රස්ත පනත අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයට දන්වන ලෙස මෙරට වෛද්‍ය සංවිධාන, වෘත්තිය සමිති සහ විද්වතුන් ඇතුළු 450ක පිරිසක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටරන් වෙත ඊයේ (12 දා) පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත.

මෙම පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් බව ද ඔවුන් එහි දක්වා තිබේ.

එකී ප්‍රති ත්‍රස්ත පනතින් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අධිකරණ නියෝගයකින් තොරව ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමට ඉඩ ලැබෙන නිසා එය භයානක පනතක් බව ද ඔවුහු කියති.

ජනතාවට එරෙහි කරුණු අටක් පනතේ දැක්වෙන බව ද එම වෘත්තිය සමිති හා විද්වතුන් තවදුරටත් දක්වා තිබේ. නව මානව හිමිකම් කොමසාරිස් ටර්න් පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව ලත් මුල්ම පැමිණිල්ල මෙය යි.
කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment