ජපානයේ ඉබරකි ප්‍රාන්තයේ සුකුබාහි පැවති අලුත් අවුරුදු උළෙල

626

සුකුබා ශ්‍රී ලාංකික මිත්‍ර සංසදය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය හතරවැනි වරටත් ඉතා උත්කර්ෂවත් ලෙස ඉකුත් හතරවැනි ඉරිදා දින සුකුබාසිරිට්සු තනබතකෙකින්රින් පාර්ක් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

සුකබාහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජපන් ජාතිකයන්ගේද සහභාගිත්වයෙන් ශ්‍රී ලාංකික සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා සියලු නව අවුරුදු චාරිත්‍ර සංකේතවත් කර සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසකින් මෙවර අවුරුදු උත්සවය වර්ණවත් විය. ශ්‍රී ලාංකික කැවිලිවලින් සමන්විත අංගසම්පූර්ණ අවුරුදු කෑම මේසය මෙන්ම ජන ගී සඳහා ඉදිරිපත් කළ ළමා නර්තනයත් කාගේත් ප්‍රශංසාවට ලක්විය.

සුකුබා ශ්‍රී ලාංකික මිත්‍ර සංසදය, සුකුබා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් මෙන්ම සුකුබාහි සහ ඒ අවට ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් වසර ගණනාවක් මුළුල්ලේ පවත්වාගෙන යනු ලබන සංවිධානයක් වන අතර එකිනෙකාට උදව් උපකාර කරගැනීම, ශ්‍රී ලාංකික සම්ප්‍රදාය රැක ගනිමින් සුහද හමු පැවැත්වීම මෙන්ම ශ්‍රී ලංකාවේ ජන ජීවිතය සම්බන්ධ ගැටලුවලදී සංවේදීව මැදිහත්වී උදව් උපකාර කිරීමද සිදු කරයි.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන නිකවැරටියේ වැසියකු වන ඉබරකි ප්‍රාන්තයේ වෙසෙන චන්දන අබේරත්න ‘දිවයින’ ට මෙම අවුරුදු උළෙල වාර්තා කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment