අත්‍යවශ්‍ය ප්‍රෝටීන් පෝෂණය ගෙනෙන පෝල්ටි‍්‍ර මස්

176

ප්‍රෝටීන් කියන්නේ සාර්ව පෝෂක ලෙසින් හඳුන්වන මිනිස් සිරුරට අත්‍යවශ්‍යම පෝෂකයක්. අපේ ශරීරයේ වැය වෙන ෙසෙල නැවත අලූත්වැඩියා කිරීම සහ නව ෙසෙල උත්පාදනය ප්‍රෝටීන්වල වැදගත්ම කාර්යබාරයයි. ප්‍රෝටීන්වල පමණක් අන්තර්ගත වෙන ඇමයිනෝ අම්ල මේ කාර්යභාරයේදී ඉතා වැදගත් වේ.

 පහතින් දැක්වෙන්නේ පෝල්ටි‍්‍ර කාණ්ඩයට අයත් ප‍්‍රධානතම ආහාර වර්ග වන කුකු`ඵ මස්, කුකු`ඵ බිත්තර, තාරා මස් සහ ක`ඵකුම් මස්වල අන්තර්ගත පෝෂණය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු කිහිපයක්.

 කුකුළු මස් – කුකුළු මස් පහසුවෙන් ජීර්ණය කළ හැකි ප්‍රෝටීන් අධික ආහාරයක්. කුකුළු මස්වල කොලජන් (කුකුළු මස් සම සහ ඇට කොලජන්වලින් පොහොසත්* විශාල වශයෙන් අන්තර්ගත වන අතර මාංශ පේශි වර්ධනයට අවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව තිබේ.

 තාරා මස් – අපේ රටේ එතරම් ප‍්‍රචලිත නැතත් තාරා මස් සම්පූර්ණ ප්‍රෝටීන් පෝෂණය ඔබට ලබා දෙන සුපිරි ප්‍රෝටීන් ප‍්‍රභවයකි. ඒ වගේම ඔබේ ආහාර වේලට වෙනසක් එක් කිරීමට හොඳ ක‍්‍රමයක්. තාරා මස්වල අසංතෘප්ත මේද, ඔමේගා -3/ඔමේගා -6 අම්ල බහුල වන අතර අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල යහමින් පිරී තිබේ.

 ටර්කි හෙවත් ක`ඵකුම් මස් – නත්තල් කාලයට යම් පමණකට දැකගත හැකි ඒත් වැඩි වශයෙන් අපේ රටේ ජනප‍්‍රිය නැති මස් වර්ගයක්. නමුත් ක`ඵකුම් මස් සම්පූර්ණ ප්‍රෝටීන් සපයන ප‍්‍රභවයක් වශයෙන් ඉතාම වැදගත් මාංශ වර්ගයක්. සාමාන්‍යයෙන් ටර්කි මස් ග‍්‍රෑම් 100 ක ප්‍රෝටීන් ග‍්‍රෑම් 28 ක් පමණ අන්තර්ගත වේ.

 බිත්තර – බිත්තර යනු මිහිමත ඇති පෝෂ්‍යදායීම සහ ඉතා පහසුවෙන් ලබාගත හැකි ප්‍රෝටීන් බහුල ආහාර වලින් එකකි. මේ නිසා බිත්තර යනු සුපිරි ආහාරයක් ලෙසින් හැඳින්වීම නිවැරදියි. බිත්තරවල සෑම අත්‍යවශ්‍ය පෝෂකයකම කුඩා ප‍්‍රමාණයකින් හෝ අන්තර්ගත වන නිසා සමබර ආහාර වේලක ප‍්‍රධාන අංගයක් වීමට ඉතා සුදුසුය.

advertistmentadvertistment
advertistmentadvertistment