පානදුර, පින්වත්ත ප්‍රදේශයේ මාදුපිටියේ පිහිටි නිවසකට අද (25) පස්වරුවේ වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ.
මි.මී. 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැකකරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් කිසිවෙකුට හෝ තුවාල සිදු වී නොමැති බව ද වැඩි දුරටත් සඳහන්ය..