පාපැදියෙන් කඩයකට ගිය යාපනයේ දැරියන් දෙදෙනා වතුර වළකට වැටී මරුට

242

සවස් යාමයේ කඩයකට ගිය යාපනයේ දැරියන් දෙදෙනෙකු වතුර වළකට වැටී මියයාමේ ශෝක ජනක පුවතක් කයිට්ස් පොලිස් වසමේ සින්නමඩු ප්‍රදේශයෙන් 01දා වාර්තා වී තිබේ.

වයස අවුරුදු 11 ක නිරෝෂන් විදුෂා සහ පස් හැවිරිදි නිරන්ජන් අනුෂ්කා නැමති මෙම දැරියන් දෙදෙනා කඩයට ගොස් ආපසු නොපැමිණීම නිසා ඔවුන් ගැන සොයා බලද්දී දැරියන් දෙදෙනාගේ මළ සිරුරු වතුර වලක පාවෙමින් තිබියදී සොයා ගෙන තිබේ. දැරියන් දෙදෙනා කඩයට ගිය පාපැදියද එම වතුර වල අසල තිබී හමු වී ඇත.

පොලිසිය සැකකරන්නේ ඔවුන් දෙදෙනා පාපැදියෙන් ගමන් කරමින් සිටියදී පාපැදිය පෙරළී වතුර වලට ඇද වැටෙන්න්ට ඇති බවයි. මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලක ඥාතී දැරියන් දෙදෙනෙකි. මියගිය දැරියන් දෙදෙනාගේ මළ සිරුරු දෙක යාපනය ශික්ෂණ රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් ඇති අතර ඌර්කාවතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment