පාවෙන බුදු මැඳුරක් යාපනයේ වෙරළටඇවිත් මියන්මාරයෙන් ආවාදැයි සැකයක්

526

යාපනය, වඩමාරච්චි, නාගර්කෝවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළට පාවෙන බුදු මැඳුරක් ඊයේ (15දා) උදෑසන ගොඩගසා තිබේ.

වඩමාරච්චි ධීවරයන් පිරිසක් මේ අරුම පුදුම පාවෙන බුදු මැඳුර දැක ඒ පිළිබඳව ධීවර පරීක්ෂක නිලධාරීන්, නාවික හමුදාව හා පොලිසිය දැනුවත් කොට තිබේ.

යාපනයේ විද්වතුන් පවසන්නේ, මේ බුදු මැඳුර මියන්මාරයේ සිට යාපනය මුහුදු වෙරළට ගසා ගෙන එන්නට ඇති බවයි. එම බුද්ධ මන්දිරය තුළ බුද්ධ ප්‍රතිමාවක්, බුදු හිමියන්ගේ අනුරූවල ඡායාරූප කීපයක්, මල් ආසනයක් හා යාපනයේ විද්වතුන්ට කියවාගත නොහැකි භාෂාවකින් ලියන ලද වැකි සමූහයක් ඇති නිසා අනිවාර්යෙන්ම එය බුදු දහමට අයත් කුටියක් විය හැකි බව ද යාපනයේ විද්වත්හු ප්‍රකාශ කරති.

මියන්මාරයේ පවතින යුදමය වාතාවරණය නිසා කිසියම් පිරිසක් විසින් මෙම පාවෙන බුදු මැඳුර මුහුදේ පා කොට යවන්නට ඇතැයි ද විශ්වාස කෙරේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment