පාසල් ඉදිරිපිට ගුරු විරෝධතා සාර්ථකයි – ස්ටාලින් කියයි

95

ගුරුවරුන්ගේ විරෝධතාවට පසුගිය 24 දා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් පාසල් ඉදිරිපිට ඊයේ (27දා) දිනයේ පැවැත්වූ උද්ඝෝෂණ සාර්ථක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඊයේ සවස ගුරුවරුන් මෙම විරෝධතාවට එක් වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ගුරු ගැටලුවලට විසඳුම් නොදී රජය දිගින් දිගටම මර්දනය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

චමින්ද සිල්වා


advertistmentadvertistment