පාසල් දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නංවන්න ඇමරිකාවේ අතහිත

111

පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරටට ප්‍රදානය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම මෙරට ඇමරිකානු තානාපති ජූලි චං මහත්මිය අතින් වත්තල මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා’ ගබඩා සංකීර්ණයේදී නිල වශයෙන් ඊයේ (26 දා) සිදුවිය.

පෝෂණීය ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙටි්‍රක් ටොන් 890 ක් සහ පරිප්පු මෙටි්‍රක් ටොන් 2000 ක් මෙම ප්‍රදානය යටතේ මෙරටට ලබාදී ඇත. පාසල් සිසුන්ගේ දිවා ආහාරය සඳහා මෙම වියළි ආහාර එක් කිරීමට නියමිතය. ‘සේව් ද චිල්ඩ්රන්’ ආයතනයේ සෘජු මැදිහත්වීම මත එම ආයතනය හා අධ්‍යාපන, මුදල්, සෞඛ්‍ය යන අමාත්‍යාංශ තුනම ඒකාබද්ධව දියත් කෙරෙන මෙම පෝෂණ වැඩසටහන මගින් සිසුන්ගේ පාසල් පැමිණීම දිරි ගැන්වීමටත්, ඉගෙනුම් අවධානය වැඩි කිරීමටත්, ආහාරයේ සමබල පෝෂණීය මට්ටම රඳවා ගැනීමටත් අපේක්‍ෂිත අතර එමගින් සිසුන්ගේ ඉගෙනුම් නිපුණතා වැඩිදියුණු කිරීම මුඛ්‍ය අරමුණ වී ඇත. මෙම අවස්ථාවට ඇමරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කලාපීය නියෝජිත මරියානෝ බෙලාඩ් හා ‘සේව් ද චිල්ඩ්රන්’ ආයතනයේ ජාතික අධ්‍යක්‍ෂ ජුලියන් සෙල්ලප්පා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment