පාසල් ළඟ කළු බැනර්

82

කොළඹදී පැවැත්වූ ගුරු – විදුහල්පති විරෝධතාවයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයට, එරෙහිව හෙට (සඳුදා) සියලු පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

එසේම එම පොලිස් ප්‍රහාරයට එරෙහිව ජුලි 02 වැනිදා (අඟහරුවාදා) පස්වරු 2.00ට සෑම පාසලක් ඉදිරිපිටම ගුරු – විදුහල්පතිවරුන් දෙමාපියන් එක්ව විරෝධය පා උද්ඝෝෂණ ව්‍යාපාරයේ නිරතවන බවද හෙතෙම කියා සිටියේය.

මීට අමතරව ජුලි 04 වැනිදා බ්‍රහස්පතින්දා සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා මෙම ගුරු – විදුහල්පති ප්‍රහාරය පිළිබඳව සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද හේ කීය.

ගුරු – විදුහල්පති ගැටලුව විසඳීමට ආණ්ඩුව තවදුරටත් කටයුතු කරන්නේ නම් ඉදිරියේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරන බවද හෙතෙම කියා සිටියේය.

අදාළ විරෝධතාවය අතරතුර පොලිසිය එල්ල කළ ප්‍රහාරයන් හමුවේ ගුරුවරුන් 10 දෙනකු තුවාල ලැබූ බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment