පැපුවානිව්ගිනියා නායයෑමෙන් 2000ක් පණපිටින් වැළලෙති

175

ගම්මානයක් සම්පූර්ණයෙන්ම අතුරුදන්

ඉකුත් සිකුරාදා (24දා) පැපුවානිව්ගිනියා රාජ්‍යයේ හටගත් මාරාන්තික නායයෑම හේතුවෙන් පුද්ගලයන් 2000කට අධික පිරිසක් පණපිටින් වැළලී යන්නට ඇතැයි විශ්වාස කෙරෙන බව එම රාජ්‍යයේ ජාතික ආපදා මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා වන ලුසෙටේ ලැසෝ මානා පවසා තිබේ.

ඉකුත් සිකුරාදා හටගත් මෙම දරුණු නායයෑම හේතුවෙන් පැපුවානිව්ගිනියා රාජ්‍යයේ එන්ගා පළාතේ පිහිටි කන්දක කොටසක් කඩාවැටීමෙන් වැසියන් 3800ක් පමණ දෙනා ජිවත් වූ ගම්මානයක් සම්පුර්ණයෙන් අතුරුදන්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම නායයෑම සිදුවූ ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල මීටර් 10ක් (අඩි 32ක) පමණ ගැඹුරැති සුන්බුන් ගොඩවල් නිර්මාණය වී තිබීම හේතුවෙන් හා අතුරුදන්වූවන් සොයා සිදු කරන මෙහෙයුම් සඳහා අවශ්‍ය උපකරණ ප්‍රමාණවත් පරිදි නොතිබීමෙන් විපතට පත්වූවන් සොයා සිදු කරන මෙහෙයුම්වලට බාධා පැමිණ ඇත. මෙතෙක් එම මෙහෙයුම්වලදී සොයාගත හැකිවී ඇත්තේ නාය යෑමෙන් මියගිය කිහිපදෙනකුගේ සිරුරු පමණකැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

දේශීය සහන කණ්ඩායම් විසින් නාය යෑමෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 2000කට අධික බව සඳහන් කළ ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ එසේ අතුරුදන්ව ඇති පිරිස 670ක් පමණ වන බවයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment