නවසීලන්තයේ අගුලු දැමීම දීර්ඝ කරයි

177

එක් කොරෝනා ආසාදිතයකු වාර්තා වීමත් සමගම මුළු රටම අගුලූ දැමුණු නවසීලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළ යමින් පැවතීම හේතුවෙන් එරට අගුලූ දැමීම මෙම සිකුරාදා  (27දා) තෙක් දීර්ඝ කරන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් විසින් නිවේදනය කර තිබේ. නවසීලන්තයේ අගුලූ දැමීම පෙරේදා (24දා)  දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර තවත් ආසාදිතයන් 41 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම සිකුරාදා තෙක් අගුලූ දැමීම දීර්ඝ කිරීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.

නවසීලන්තයේ අගුලු දැමීම දීර්ඝ කරයි

ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයේ සිට පැමිණි පුද්ගලයකු හරහා දරුණු ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදය නවසීලන්ත ප‍්‍රජාව තුළට ඇතුළු වී ඇති ඇති බව මේ වන විට අනාවරණය වී ඇති අතර ඊයේ දිනය වන විට එම ආසාදිතයා හරහා වෛරස් ප‍්‍රභේදය පැතිර ගොස් තිබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 148ක් විය. අදාළ ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් සොයා මෙහෙයුම් දියත් කර ඇති නවසීලන්ත බලධාරීහු ප‍්‍රථම ඩෙල්ටා ආසාදිතයා හඳුනාගත් ‘ක්ලන්ඞ්’ නගරයේ අගුලූ දැමීම ලබන අඟහරුවාදා තෙක් දීර්ඝ කිරීමට ද තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment