පිටරට සිට ලංකාවට කුඩුපොම්ප කරන පාතාලයෙක් අද හෙටම කුදලන් එයි

51

පිටරට සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ප්‍රධාන පෙළේ පාතාල කෙරුමකු ඉදිරි දින කීපය ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

මෙම පුද්ගලයා මීට සති කීපයකට පෙර මෙහි ගෙන්වා ගැනීමට කටයුතු කළ නමුත් මූල්‍ය ප්‍රශ්නයන් නිසා එය ප්‍රමාද විය. නමුත් අද හෙටම සැකකරු ලංකාවට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහු සිටින රටට යැවීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය. මීට මාස කීපයකට පෙර මෙම සැකකරු ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එතෙර සිට ශ්‍රී ලංකාවේ අපරාධ මෙහෙයවන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් ශ්‍රී ලංකාවේ පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසියට භාර දී තිබේ.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment